සහල් මිල ගැන තොරතුරු නොදන්නා හෙයින් කඩේට ගිහින් හාල් මිල හරියට දැනගන්නැයි විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලීමක් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.

බාස්මතී කීරි සම්බා ගැන හිතලා අනෙක් හාල් ගැන කතා කරන්න එපා යැයිද  අමරවීර අමාත්‍යවරයා විපක්ෂ  නායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මහින්ද අමරවීර මෙසේද සඳහන් කළේය.

'' ඔබතුමා වැඩි කාලයක් හම්බන්තොට හිටියා. හාල් විකිණෙන්නේ 220 ට කියලා  ඔබතුමා කිව්වා. මම හිතන්නේ ඔබතුමා ළඟකදී කඩේට ගිහිල්ලා නැහැ. අන්න ලුණුගම්වෙහෙර පැත්තේ 125යි කියලා මුට්ට ගහලා තියෙනවා. විපක්ෂ නායක නායකධූරයේ කටයුතු කරපු හැමෝම කඩ පොළේ ගියා. ගිහිල්ලා මිල ගණන් සොයා ගන්නවා. ඔබතුමාත් යන්න. කවුරු හරි කියන දේවල් මෙතන කියන්න එපා. බාස්මතී කීරි සම්බා ගැන හිතලා කතා කරන්න එපා. මේ රටේ බහුතර ජනතාවක් කන්නේ නාඩු සහ කැකුලු සහල්. ඒවා 200ට වඩා වැඩියෙන් විකිණෙන්නේ නැහැ.

එම්.ඕ.පී පොහොර හිඟයක් නැහැ. කවුරුහරි දෙන්නෙ නැත්නම් මං ඒ නිලධාරින්ට  විරුද්ධව කටයුතු කරනවා. පොළොන්නරුවේ යූරියාවල පොඩි ප්‍රශ්නයක් තිබුණා. රට පුරාම යූරියා යනවා. මඩ පොහොර ටික නොමිලේ දෙනවා. අවශ්‍ය ප්‍රමාණයට වඩා එම්.ඕ.පී පොහොර තියෙනවා. සමහර නිලධාරීන් ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න පොහොර හිඟ ඇති කරනවා. එවැනි නිලධාරීන්ට එරෙහිව කටයුතු කරනවා.''

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්