විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අසල උද්ඝෝෂණයක් කොට එහි දේපළවලට අනර්ථය කළ බවට චෝදනා ලැබ සිටි

විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්න ඇතුළු විශ්ව විද්‍යාල සිසුන් 22 දෙදෙනෙකු කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත සියළු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කළේය.


වසර 13කට පෙර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අසල උද්ඝෝෂණයක් කොට එහි දේපළවලට අනර්ථය කළ බවට පොදු දේපොළ පනත යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නඟා තිබුණත් පැමිණීල්ල විසින් කිසිඳු චෝදනාවක් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නැතැයි තීරණය කරමින් විත්තිකරුවන් සියලු දෙනා සියලුම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කළේය.

2010 ඔක්තෝබර් 14 වැනිදා හේ ඊට ආසන්න දිනයක කොළඹ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණයක් කොට එහි දේපළවලට අනර්ථයක් කළ බවට නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නඟා තිබිණී.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ 2010 වසරේ කැඳවුම්කරු වශයෙන් කටයුතු කළ උදුල් ප්‍රේමරත්න ඇතුළු විශ්ව විද්‍යාල සිසුන් 22 දෙදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පොදු දේපොළ පනත යටතේ මෙම නඩුව පවරා තිබුණි.

මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව සියතීරණය ප්‍රකාශයට පත් කළ විනිසුරුවරයා විත්තිකරුවන්ට එරෙහි චෝදනා ඔප්පු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නඩු විභාගයේදී පැමිණීල්ල විසින් ඉදිරිපත් කොට නැතැයි සැඳහන් කළේය.

ඒ අනුව විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් ඔප්පු කොට නැතැයි තීන්දු කළ විනිසුරුවරයා සියලු විත්තිකරුවන් සියළුම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කළේය.

 
 



JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්