සේවක අර්ථසාධක අරමුදලට සියයට 9% අවම පොලී අනුපාතයක් ලබාදීම සහතික කිරීම සඳහාත් වන නීතියක්

පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට කටයුතු කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පැවසීය.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම තුලින් සේවක අර්ථසාධක අරමුදලට බලපෑමක් ඇති නොවීම සඳහා එම පියවර ගැනීමට යයි.

ඒ අනුව සේවක අර්ථසාධක පනත් කෙටුම්පතට සංශෝධනයක් ගෙන ඒම සඳහා කැබිනට් අනුමැතිය කඩිනමින් ලබාගෙන එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට කටයුතු කරන බව ද ඇමැතිවරයා කියා සිටියේය.

දේශීය ණය ප්‍රතිව්‍යුගතකිරීම සේවක අර්ථසාධක අරමුදලට බලපාන ආකාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ වෘත්තීය සමිති නියෝජිතයන් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පසුගියදා පැවති අතර එහිදී සේවක අර්ථසාධක අරමුදලට සියයට 9ක අවම පොලී අනුපාතයක් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහතික වී තිබේ.

එසේ සේවක අර්ථසාධක අරමුදල සඳහා සියයට 9ක අවම පොලී අනුපාතයක් ලබාදීම ස්ථිර කිරීම සඳහා වන නීති ගෙන එන ලෙස ජනාධිපතිවරයා මෙහිදී අමාත්‍යවරයාට උපදෙස් ලබාදී ඇත.

 ඒ අනුව ඉදිරි වසර තුන සඳහා සේවක අර්ථසාධක අරමුදලට සියයට 9ක අවම පොලී අනුපාතයක් ලබාදීම තහවුරු කිරීම සදහා සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීමට කටයුතු කරන බවද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසිය.


විවාදයේදී සේවක අර්ථසාධක අරමුදල ගැන උණුසුම් කතාබහක් !

මැති ඇමති වාද විවාද මැද උණුසුම් වූ පාර්ලිමේන්තුවේ දී ඊයේ  (ජුලි 01වැනිදා) දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද යෝජනාව වැඩි ජන්ද 60 කින් සම්මත විය. ඊට පක්ෂව ජන්ද 122 ක් සහ විපක්ෂව ජන්ද 62ක් ප්‍රකාශ කෙරිණි

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කියා සිටියේ, මෙමගින් සෘජුවම වැඩ කරන ජනතාවගේ අර්ථ සාධක අරමුදලට පහරගැසීමට ආණ්ඩුව "ප්‍රශස්ත" යන වචනය යොදා ගෙන ඇති බවයි. එහෙයින් තමන් ඇතුළු කණ්ඩායම චෝදනාවට විරුද්ධව ඡන්ද ප්‍රකාශ කළ බව ඔහු කියා සිටියේය.



"ආණ්ඩුව බැංකු ප්‍රතිව්‍යුහගතකරණය කිරීම ගැන මහ බැංකු අධිපතිවරයා කිව්වා මිලියන 52ක බැංකු තැන්පතු සුරක්ෂිත කරනවා කියලා. නමුත් ඔවුන් සේවක අර්ථ සාධක අරමුදල ගැන එසේ තැකීමක් නැහැ. බැංකුකරුවන්, ඔවුන්ගේ බලවත් අධ්‍යක්ෂකවරුන් සහ ප්‍රයිම් ඩිලර්ස්ලා ආරක්ෂා කර ගැනීමට ආණ්ඩුව බැංකු පද්ධතිය දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට ඇතුලත් කර ගෙන නැත්තේ."යයි සමගි ජනබල වේගයේ පාර්මේන්තු මන්ත්‍රී කබීර් හෂීම් කියා සිටියේය.



"අර්ථ සාධක අරමුදලේ ප්‍රධානියා කිව්වා මේක ඔහු දැක්කෙත් ෆේස්බුක් එකෙන් කියලා"

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා : " අර්ථ සාධක අරමුදලෙන් ඇහුවා මේ කැල්කියූලේෂන් එක දෙන්න කියලා. මෙතන සමහර මන්ත්‍රීවරුන් කිව්වා වාගේම අර්ථ සාධක අරමුදලේ ප්‍රධානියා කිව්වා මේක ඔහු දැක්කෙත් ෆේස්බුක් එකෙන් කියලා. එහෙනම් මේ අර්ථ සාධක අරමුදලට සිද්ධ් වෙන්න යන පාඩුව පාර්ලිමේන්තුවට ගණන් හදලා පෙන්වන්න වෙනවා"

"අද මේක සම්මත වුනා කියලා අඟහරුවාදා ඉදලා මේක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හතර වෙනිදා මේ යෝජනාව අර්ථ සාධක අරමුදලට සහ ETF එකට රජය විසින් ඉදිරිපත් කරනවා. ඔවුන්ට දවස් 21ක් තියනවා. ජුලි මාසයේ 25 වෙනිදා තමයි ඔවුන් තීරණය කරන්නේ මේ වැඩපිළිවලට ඔවුන් එකඟ වෙනවා ද? නැද්ද කියලා. මේ දවස් 21ක තුළ අර්ථ සාධක අරමුදලට සහ පාර්ලිමේන්තුවට වගකීමක් තියෙනවා මේ සාමාජිකයින්ට යම්කිසි අගතියක් සිදධ වෙනවද ? ඒ අගතිය කුමක්ද ? ගණන් හිලව් මාර්ගයෙන් ඒක සාකච්ජා කරන්න. මම විශ්වාස කරනවා ඒක කළ යුතුයි කියලා."

"අර්ථ සාධක අරමුදල වෙනුවෙන් මේ තීරණය ගන්නේ කියලා. මේ අර්ථ සාධක අරමුදලේ පාලක මණ්ඩලයේ කිසිදු ආකාරයකින් වෘත්තිය සමිති නියෝජිතයෙක්වත් නැහැ සාමාජිකයින් වෙනුවෙන් නියෝජනය කරන්න. පාලක මණ්ඩලයේ සිටින්නේ මුදල් මණ්ඩලයේ නියෝජිතයින්. ඔවුන් මේ තීරණය ගන්නේ අර ලක්ෂ 25ක් වන සාමාජිකයින් වෙනුවෙන් නම් ඔවුන්ගෙන් විමසීමක් කළ යුතුද නැද්ද කියන එක රාජ්‍ය මුදල් කාරක සභාවේදී දිගින් දිගටම මතු වුණා" ප්‍රකාශ කළේය.


"ඒක ඇහුවම මහ බැංකු අධිපතිවරයා දන්නෙත් නැහැ"

"ජුනි මස 30 වෙනිදා) අපි මුදල් කමිටුවේ දී ඇහුවා අර්ථ සාධක අරමුදලට සිදුවන හානිය ගණනය කරලා තියෙනවද කියලා ? ඒක ඇහුවම මහ බැංකු අධිපතිවරයා දන්නෙත් නැහැ, මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා දන්නෙත් නැහැ, EPF එකේ සුපිරින්ටන්ඩන්වරයා දන්නෙත් නැහැ, මුදල් කමිටුව දන්නෙත් නැහැ, කිසිම කෙනෙක් දන්නේ නැහැ. හැබැයි යෝජනාවක් ගේනවා ට්‍රිලියන ගානක විශාල මුදලක් ප්‍රතිව්‍යුහගතකරණය කරන්න" පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා ප්‍රකාශ කළේය.

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්