එන්නතක් ලබාදීමෙන් පසු රාගම රෝහලේදී කාන්තාවක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.


මෙලෙස මිය ගොස් ඇත්තේ ජා ඇල උතුරු බටගම පදිංචිව සිටි 23 හැවිරිදි එක් දරු මවකි.

එන්නතක් ලබාදීමෙන් පසු පේරාදෙණිය රෝහලේදී ද පසුගියදා කාන්තාවන් දෙදෙනෙකු මිය ගියේ ය.

සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ඊට අදාළ පළමු වාර්තාව මේ වන විට ලැබී ඇති බවයි.

රාගම ශික්ෂණ රෝහලේ සිදුවීම සම්බන්ධයෙන් ද ඉදිරියේදී වාර්තාවක් ලබා ගන්නා බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ  ය.

තත්වයෙන් බාල ඖෂධ හේතුවෙන් රෝගීන්ට සිදුවන හානි සහ ඇතැම් සායනික භාවිතාවන් නිසා සිදුවන ජීවිත හානි වැඩිවෙමින් පවතින අතර, ඒවා බොහොමයක් සාමාන්‍ය තත්වයන් ලෙස යට ගැසීමේ හෝ නොසලා හැරීමේ තත්වයක් පවතින බැවින්, මහජනතාවගේ එවන් පැමිණිළි විමර්ෂණය කිරීම සඳහා ස්වාධීන කමිටුවක් වහාම පත් කරන ලෙස සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය, සෞඛ්‍ය ඇමතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

 එසේම එම කමිටුවෙහි විෂය ප්‍රාමාණිකයින්ට අමතරව, රෝගීන්ගේ පාර්ශවය නියෝජනය කිරීම සඳහාද සාමාජිකයින් පත් කිරීම මගින්, එම කමිටුවේ නිරීක්ෂණවල විනිවිදභාවය ආරක්ෂා කල යුතු බව එම සංගමයේ සභාපති රවී කුමුදේශ් අවධාරණය කර සිටී. 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්