leader s

බැඳුම්කර නිකුතුවට ආදාළව ශ්‍රී ලංකා මහ බැංකුව සකස්කළ වෝහාරික විගණන වාර්තාව

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දෙන්නැයි පසුගිය 03 වැනිදා ඉදිරිපත්වූ ඉල්ලීම සම්බන්ධයෙන් කතානායකවරයා සිය මතය අද (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

text 7 10එහිදී කතානායකවරයා සඳහන් කළේ ඒ ගැන නීති කෘත්‍යයන් ආරම්භ වී ඇති බැවින් සියලු මන්ත්‍රීවරුන්ට එම වාර්තාව ලබා දීම නුසුදුසු යයි නීතිපතිවරයා තමන්ට ලිඛිතව දැනුම් දී ඇති බවකි.

පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ හිටපු සභාපති සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේ නීතිපතිවරයාගේ උපදෙස් හැමවිටම පිළිපැදීමට පාර්ලිමේන්තුව බැදී නොමැති බැවින් නීතිපති උපදෙස් නොතකා අදාළ වාර්තාව එළිදැක්විය යුතු බවය. 

''ජනතාවගේ බදු සල්ලි මිලියන 900ක් වියදම් කරලා මේ වාර්තාව හැදුවේ. බැඳුම්කර සිද්ධිය ගැන ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තා, කෝප් කාරක සභාවේ වාර්තාවේ වාර්තා එළි දක්වලා තියෙනවා. මේ ගැන උසාවි සාක්ෂි සටහන් ප්‍රසිද්ධ වෙලා තියෙනවා. වාර්තාව දැකල තියෙන්නේ හදපු අය විතරයි නම් චෝදනා ලබපු අය කොහොමද මේ වාර්තාව ප්‍රතික්ෂේප කරලා කතා කරන්නේ. මේක දෙපැත්තේම හොරු රැකීමක්. නීතිපති දෙපාර්තමේන්තුවට මේ පාර්ලිමේන්තුව යට කරන්න එපා,'' යනුවෙන් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

''මේක පුළුවන් තරම් ඉක්මනට එළිදක්වන්න මටත් අවශ්‍යයි. විනිවිද බව රකින්න," යන්න කතානායකවරයාගේ ප්‍රතිචාරය විණි.

 

2002 සිට 2015 දක්වා රු බිලියන 6,600ක බැඳුම්කර නිකුත් කරලා

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ද බැඳුම්කර නිකුතුවට අදාළ වෝහාරික විගණන වාර්තා ගැන අදහස් දැක්වීමේදී සඳහන් කළේ, යහපාලන ආණ්ඩුව සමයේ රුපියල් බිලියන 10ක බැඳුම්කර නිකුතුවක් ගැන කතා කළ ද 2003-2015 කාලයේ රුපියල් බිලියන 6600ක බැඳුම්කර නිකුත් කිරීමක් ගැන තමන්ට දැන ගන්නට ලැබී ඇති බැවින් ඒ කාලයේ සිදුවූ පාඩුව කීයදැයි ආණ්ඩු පක්ෂයෙන් විමසන බවය.

සබැඳි පුවත්:

රාජපක්ෂලා බැඳුම්කර වෝහාරික විගණන වාර්තාවට බයවෙලා ඇයි ?

'බැඳුම්කර ගනුදෙනු වෝහාරික විගණන වාර්තා එලියට දාන්න නීතිමය බාධාවක් නැහැ' -සුනිල් හඳුන්නෙත්ති

බැඳුම්කර ගනුදෙනු වෝහාරික විගණන වාර්තා එලියට දානවද? නැද්ද? : අගමැති, නීතිපතිට බෝලය 'පාස්' කරයි!

සමාගම් 19ක් EPF මුදල් අවභාවිත කරලා : වෝහාරික විගණන වාර්තාවෙන් හෙළිවේ!

මහ බැංකු හොරු කව්ද ? :'වෝහාරික විගණන වාර්තාව එළියට දාන්න' - මංගල ගෙන් අගමැතිට අභියෝගයක් !

ජනපතිට හා අගමැතිට කදිම අවස්ථාවක්: ''වෝහාරික වාර්තාවට අනුව බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන්න" (Audio)

බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන්න – සුනිල් හඳුන්නෙත්ති අගමැතිගෙන් ඉල්ලයි

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්