රසික හදවත් දිනූ සුප්‍රකට පොප් ගායිකා කොකෝ ලී අභාවප්‍රාප්ත වී තිබේ.

වසර කිහිපයක් පුරා මානසික අවපීඩන තත්ත්වයකින් පෙළුණු ඇය පසුගිය ඉරිදා සියදිවි හානිකරගැනීමට උත්සාහ කර තිබු අතර එහිදි ඇය කෝමා තත්ත්වයකට පත්ව රෝහල් ගත කෙරුණි.

පසුව ඊයේ (05) දිනයේ හොංකොංහි Queen Mary රෝහලේ දී අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

1975 වසරේ ජනවාරි 17 දින හොංකොංහි උපත ලද කොකෝ ලී මියයන විට 48 වන වියේ පසුවුණි.

 

 130300743 gettyimages 821220

 

කුඩා කාලයේ දී ඇමරිකාවට සංක්‍රමණය වූ ඇය ක්ෂේත්‍රයට පිවිසෙන්නේ 1994 දී ය. ඒ චීන භාෂාවෙන් ගැයූ ගීත ඇල්බම දෙකක් නිකුත් කරමිනි. ඉන්පසු වසරේ දී ඉංග්‍රීසි භාෂාවෙන් ද ගීත ඇල්බමයක් නිකුත් කරමින් කොකෝ ලී ජනතා ආකර්ෂණය දිනා ගත්තා ය.

කොකෝ ලී, ප්‍රකට ඩිස්නි චිත්‍රපටයක් වූ ''මුලාන්'' හි චීන භාෂිත සංස්කරණයේ ප්‍රධාන චරිතය වෙනුවෙන් හඬ දායකත්වය ලබා දුන්නා ය.

ජුලියා රොබට්ස් රඟපෑ Runaway Bride සිනමාපටයේ එන Before I Fall in Love ගීතය, A Love Before Time, Broken, Reflection, Do You Want My Love, Yesterday's Love, Dow Ma Dan වැනි ගීත ඇය විසින් ගායනා කළ රසිකාදරය දිනූ නිර්මාණ ය.

 




JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්