රටේ නීති දුර්වල නම් පොල් ගෙඩිය අටක් හොරකම් කළ මිනිහා හිරේ යන්නේ කොහොමදැයි ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී

අනුර දිසානායක පාර්ලිමේන්තුවේදී විමසිය.

තිබෙන නීතියෙන් හිර කරන්නේ හාල්මැස්සන් පමණක් බව ද තෝරු මෝරු  නීතියෙන් ගැලවෙන බවද කී දිසානායක මන්ත්‍රීවරයා, මෙය චෞර වළල්ලක් බව ද එම දූෂිත වළල්ල මැඩ පවත්වන්න නම් ශක්තිමත් දේශපාලනයක් අවශ්‍ය බව ද කීය.

නීතියෙන් පමණක් මෙය කළ හැකි යැයි සිතනවා නම් ඒ මරිමෝඩ කතාවට අප අහුවෙන්නෙ නැතැයි අනුර දිසානායක එහිදී කියා සිටියේය.

"අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට එන්න කියනකොට නයා කනවා නම් ඒක නීතියේ ප්‍රශ්නයක් ද? නයා ගේ ප්‍රශ්නයක් ද? නැහැ දේශපාලනයේ ප්‍රශ්නයක්.

දූෂිතයෙක් කවදාවත් දූෂකයෙකු ට දඬුවම් දෙන්නේ නෑ. එක නිකං අපේක්ෂිත ඇප වගේ යැයි ද අනුර දිසානායක මන්ත්‍රීවරයා පැවසීය.


 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්