2017 වසරේ සිට අක්‍රිය වී පවත්නා පළාත් සභාවල කටයුතු සක්‍රිය කිරීම සඳහා පළාත් සභාවල ස්ථාපනය කර තිබූ අමාත්‍යංශවල විෂය කාර්යයන් හා බලතල ඒ ඒ පළාත්වල පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට පැවරීමේ යෝජනාවක්

ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇතැයි 'දේශය' ජාතික පුවත්පත වාර්තා කරයි.

පළාත් සභා නීතිය අනුව එක් පළාත් සභාවක ප්‍රධාන අමාත්‍යවරයාට අමතරව තවත් අමාත්‍යවරුන් 4 දෙනකු පත්කිරීමට ප්‍රතිපාදන පවතී. එහෙත් පළාත් සභා විසිර යාමෙන් පසු පළාත් ඡන්ද මේ දක්වා නොපැවැත්වීම හේතුවෙන් පළාත් සභා අමාත්‍යවරුන් හා ප්‍රධාන අමාත්‍යවරයාගේ බලතල ආණ්ඩුකාරවරයා මගින් ක්‍රියාත්මක කෙරිණි.

එබැවින් පළාත් සභා මැතිවරණය පවත්වන තෙක් පළාත් සභාවල අමාත්‍යවරුන්ගේ බලතල ඒ ඒ පළාත්වල පක්ෂ විපක්ෂ මන්ත්‍රීන්ගෙන් සුදුස්සන් තෝරා ඔවුනට පැවරීමට රජය අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් පවතින බව 'දේශය' පුවත් වාර්තාවේ සඳහන් වේ.

මෙම යෝජනාවේ නීතිමය තත්ත්වය ගැන ජනාධිපති කාර්යාලය මේ වනවිට නීතිපතිවරයාගෙන්ද උපදෙස් පතා ඇති බවද එම පුවත්පත් වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

ජනාධිපති වික්‍රමසිංහ ජුලි 20 වෙනිදා ඉන්දියාවේ නිල සංචාරයක දීමට නියමිත අතර එහිදී ඉන්දීය අගමැති මෝදී සමග කෙරෙන සාකච්ජාවේදී ශ්‍රී ලංකාවේ පළාත් සභා සම්බන්ධයෙන් ද සාකච්ජා කිරීමට නියමිත බව පැවසේ.

Screenshot 2023 07 07 at 12.18.55 PM

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්