පක්ෂ සාමාජිකත්වය අත්හිටවූ මන්ත්‍රීවරු 8 දෙනෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව හමුවට ලබන 14 වැනි දා කැඳවා තිබේ.

ඔවුන් මධ්‍යම කාරක සභාව හමුවට කැඳවා ඇත්තේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන විසිනි.

නිමල් සිරිපාල ද සිල්වා, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර, සුරේන්ද්‍ර රාඝවන්, චාමර සම්පත් දිසානායක, රංජිත් සියඹලාපිටිය ඇතුළු පක්ෂ සාමාජිකත්වය අත්හිට වූ මන්ත්‍රීවරු 8 දෙනකු එලෙස මධ්‍යම කාරක සභාව හමුවට කැඳවා ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ජුලි 14 දා සවස 6.00ට එම පක්ෂයේ මුලස්ථානයේදී සභාපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

එසේම, එම පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව ජුලි 15 දා පෙරවරු 10.00ට පක්ෂ මුලස්ථානයේදී පැවැත්වේ.

මේ රැස්වීම දෙකටම ශ්‍රීලනිප නායිකාවක් ව සිටි හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ට ආරාධනා කර නොමැත.

අලුත් එක එපා - පරණ විදිහට යමු

පසුගිය දා මැතිවරණ කොමිසම මගින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පක්ෂයේ පැරණි ව්‍යවස්ථාව අනුව කටයුතු කරන ලෙස දැනුම් දීමක් කර තිබිණ. මේ දැනුම් දීමත් සමගම ශ්‍රී ලනිප සභාපති හිටපු ජනාධිපති සිරිසේන බරපතල අර්බුදයකට ගොස් ඇත.

ශ්‍රී ලනිප ව්‍යවස්ථා අර්බුදයකට පාර කැපුණේ පක්ෂයේ උප සභාපතිවරයකු ලෙස කටයුතු කළ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවරූ නඩුවක් හේතුවෙනි. නිමල් සිරිපාල ද සිල්වා ආණ්ඩුවේ අමාත්‍ය ධුරයක් ලබා ගැනීම හේතුවෙන් ඔහු ශ්‍රී ලනිපයේ දැරූ තනතුරුවලින් ඉවත් කිරීමට පක්ෂය කටයුතු කළේය. ඇමැති සිරිපාල තමාට අසාධාරණයක් සිදු වූ යැයි සාධාරණය පතා අධිකරණයේ පිහිට පැතීය.

 

නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ජගත් පුෂ්පකුමාර, සුරෙෂ් රාඝවන්, චාමර සම්පත් දසනායක, ශාන්ත බණ්ඩාර, රන්ජිත් සියඹලාපිටිය යන පිරිස ශ්‍රී ලනිප තීන්දුව නොසලකා ආණ්ඩුවේ තනතුරු ලබා ගැනීමත් සමග ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත් හිටුවා දැරූ තනතුරුවලින් නෙරපීමට 2022දී ශ්‍රී ලනිපය මහරගම සම්මේලනයේදී නව ව්‍යවස්ථාවක් සම්මත කළේය.

 

ඇමැති සිරිපාලගේ නඩුවේ තීන්දුව ලබා දෙමින් සිවිල් අභියාචනාධිකරණය ශ්‍රී ලනිපය නව ව්‍යවස්ථාව තුළ කටයුතු කිරීම නීතියනූකූල නොමැති බව ප්‍රකාශ කළේය. ඒ අනුව නිමල් සිරිපාල ද සිල්වා දැරූ තනතුරවල යළිත් පිහිටුවන ලෙසද නියෝග කළේය. ශ්‍රී ලනිපය එම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේය.

මේ හේතුවෙන් අභියාචනාධිකරණය මැතිවරණ කොමිසමට සිය තීන්දුව අවසාන තීන්දුවක් ලෙස දැනුම් දී නොමැත.  නමුත් ඇමැති සිරිපාල නීතිඥයන් සමග ගොස් අභියාචනාධිකරණ තීන්දුව මැතිවරණ කොමිසමට බාර දුන්නේය.

මැතිවරණ කොමිසම රැස් වී මේ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියා මාර්ග පිළිබඳ සාකච්ඡා කළ අතර අධිකරණයෙන් නිල දැනුම් දීමක් සිදු නොකර ඇති බැවින් මැතිවරණ කොමිසම සිවිල් අභියාචනාධිකරණයේ ලේඛකාධිකාරීගෙන් නඩුව පිළිබඳ හා ඒ සම්බන්ධ තීන්දුව ගැන විමසීමක් කළේය. පිළිතුර වූයේ ඔවුන් මේ පිළිබඳ නිල දැනුම් දීමක් නොකළේ තීන්දුව සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් වී ඇති නිසා බවයි.

 

නමුත් මැතිවරණ කොමිසම සිවිල් අභියාචානාධිකරණයේ තීන්දුව ගෙන්වා ගෙන තීරණයක් ගත්තේය. මෙහි දෙපාර්ශ්වයක් සිටිනා බැවින් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ප්‍රකාශයට පත් කළවිට එකී තීන්දුවට හිස නමන තෙක් පරණ ව්‍යවස්ථාව අනුව පක්ෂය කටයුතු කළ යුතු බව මැතිවරණ කොමිස ශ්‍රී ලනිපයට දැනුම් දුන්නේය.

 

ගෙදර ගියොත් අඹු නසී - මග හිටියොත් තෝ නසී


එකී දැනුම් දීමත් සමගම හිටපු ජනාධිපති සිරිසේන ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී සංතෑසියට මූණපෑවේය. මේ වන විට අමරවීරලා, සිරිපාලලා තනතුරුවලින් ඉවත් කර සිරිසේන අලුත් ව්‍යවස්ථාවට අනුව අලුත් පිරිසක් එකී තනතුරුවලට පත් කර ඇත. දැන් පැරණි ව්‍යවස්ථාවට අනුව සිරිපාලලාට ඔවුන් දැරු තනතුරු ලබා දිය යුතුය.

සභාපති සිරිසේන මීට විසඳුමක් ලෙස ශ්‍රී ලනිපයේ සමස්ත ලංකා කාරක සභාව හා මධ්‍යම කාරක සභාව කැඳවීමට කටයුතු කර තිබේ. සිරිසේනගේ අභිප්‍රාය වී ඇත්තේ සිරිපාලලාට දැරූ තනතුරු යළිත් පිරිනමන අතරම තමන් පත් කළ තනතුරුද රැක ගැනීමට මගක් සෙවීමයි.

වැඩිදුරටත් විස්තර පහත වීඩියෝවෙන් බලන්න.



සබැඳි පුවත් :
ළඟදීම ශ්‍රීලනිපයේ ලොකු වෙනසක් ! - වැට පැන්න අයට දොර අරියි

Screenshot 2023 07 07 at 12.18.55 PM


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්