නීතිපති ඉල්ලීමට වසන් වී බැඳුම්කර වංචා පිළිබඳව මිලියන 900ක් වැය කර සැකසූ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම,

කතානායක විසින් වගවීම, විවෘතභාවය හා ප්‍රජාතන්ත්‍රවාදය  ඉතා කෲර ලෙස හා ලජ්ජාවක් නැතිව මකා දැමීමක් බව ප්‍රවීන දේශපාලන විචාරක, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කුසල් පෙරේරා පවසයි.

සිය FB පිටුවේ සටහනක් පළකරමින් ඔහු එබව සඳහන් කර තිබේ. එම සටහනේ වැඩිදුරටත් මෙසේද සඳහන්වේ.

''නීතිපති ඉල්ලීමට වසන් වෙලා බැඳුම්කර වංචා පිළිබඳව  මිලියන 900ක් වැය කර සැකසූ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම, කතානායක විසින් වගවීම, විවෘතභාවය හා ප්‍රජාතන්ත්‍රවාදය  ඉතා කෲර ලෙස හා ලජ්ජාවක් නැතිව මකා දැමීමක්.

දැනට කණින් කොනින් කතාවන තොරතුරුවලට අනුව පක්ෂ භේදයකින් තොරව, පසුගිය ආණ්ඩු හැමකක්ම ජනතාවගේ මුදල් කෝටි ගාණක් සොරකම් කරලා, අවභාවිතාවේ යොදවලා.

සේවක අර්ථසාධක අරමුදලේ මුදල් දස ලක්ෂ ගණන් බරපතල ලෙස අවභාවිතා කරලා කියා දැන් කාලයක සිට කියන කතාවක්. ඒ මුදල් මහ බැංකුවට අයිති මුදල් නෙවෙයි. ඒ මුදල් අයිති පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් මිලියන 2.3ට.

Kusal perera

 

කතානායකට තියෙන සදාචාරමය අයිතිය කුමක්ද?

බැඳුම්කර මුදල් කියන්නෙත් මහජන මුදල්. ඒවා ගැන සොයන්න වියදම් කළ මිලියන 900ත් ජනතාවගේ මුදල්. තමන්ගේ මුදල් වලට සිදුවුනේ කුමක්දැයි සොයන්න නැවත ජනතාවගේම මුදලින් මිලියන 900ක් වියදම් කෙරුවට පස්සේ, කතානායකට තියෙන සදාචාරමය අයිතිය කුමක්ද ඒ වාර්තාව ජනතාවට නොදී සේප්පුවක යතුරු දාලා තියා ගන්න?

ජනතාවට එළිපිට අගතියක් අසාධාරණයක් කෙරෙන ඉල්ලීම්, උපදෙස් පමණක් නෙවෙයි, තීන්දු නියෝග බාර ගැනීමට හෝ පිළිපදින්න, කතානායකවත් පාර්ලිමේන්තුවවත් බැඳී නැහැ.

එනිසා මේ කතානායකත් වංචා දූෂණ වලට හවුල්වීමක්. එහෙම නැත්නම් ඔහු වහාම ඒ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කළ යුතුයි. එය සාකච්ඡා කිරීමේ අයිතිය තියෙන්නෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් නෙවෙයි. පළාත් සභා, වෘත්තිකයින්ගේ සංවිධාන, වෘත්තීය සමිති ඇතුලු ජනතාවටත් අයිතියක් තියෙනවා ඒ වාර්තාව කියවන්න, සාකච්ඡා කරන්න.''

 

ජනතාවගේ බදු සල්ලි මිලියන 900ක් වියදම් කරලා හදපු වාර්තාවක් !

text 7 10බැඳුම්කර නිකුතුවට ආදාළව ශ්‍රී ලංකා මහ බැංකුව සකස්කළ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දෙන්නැයි පසුගිය 03 වැනිදා ඉදිරිපත්වූ ඉල්ලීම සම්බන්ධයෙන් කතානායකවරයා සිය මතය ජනවාරි  06දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එහිදී ඔහු සඳහන් කළේ, ඒ ගැන නීති කෘත්‍යයන් ආරම්භ වී ඇති බැවින් සියලු මන්ත්‍රීවරුන්ට එම වාර්තාව ලබා දීම නුසුදුසු යයි නීතිපතිවරයා තමන්ට ලිඛිතව දැනුම් දී ඇති බවකි.

පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ හිටපු සභාපති සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා මෙහිදී දැඩිලෙස කියා සිටියේ, නීතිපතිවරයාගේ උපදෙස් හැමවිටම පිළිපැදීමට පාර්ලිමේන්තුව බැදී නොමැති බැවින් නීතිපති උපදෙස් නොතකා අදාළ වාර්තාව එළිදැක්විය යුතු බවය.

''ජනතාවගේ බදු සල්ලි මිලියන 900ක් වියදම් කරලා මේ වාර්තාව හැදුවේ. බැඳුම්කර සිද්ධිය ගැන ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තා, කෝප් කාරක සභාවේ වාර්තාවේ වාර්තා එළි දක්වලා තියෙනවා. මේ ගැන උසාවි සාක්ෂි සටහන් ප්‍රසිද්ධ වෙලා තියෙනවා. වාර්තාව දැකල තියෙන්නේ හදපු අය විතරයි නම් චෝදනා ලබපු අය කොහොමද මේ වාර්තාව ප්‍රතික්ෂේප කරලා කතා කරන්නේ. මේක දෙපැත්තේම හොරු රැකීමක්. නීතිපති දෙපාර්තමේන්තුවට මේ පාර්ලිමේන්තුව යට කරන්න එපා,'' යනුවෙන් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

''මේක පුළුවන් තරම් ඉක්මනට එළිදක්වන්න මටත් අවශ්‍යයි. විනිවිද බව රකින්න," යන්න එහිදී කතානායකවරයාගේ ප්‍රතිචාරය විණි.

 

සබැඳි පුවත් ;

නීතිපති මන්ත්‍රීවරුන්ට "දෙන්න එපා" කියූ බැඳුම්කර වෝහාරික වාර්තාව ගැන කතානායකගේ ස්ථාවරය මෙන්න !

රාජපක්ෂලා බැඳුම්කර වෝහාරික විගණන වාර්තාවට බයවෙලා ඇයි ?

'බැඳුම්කර ගනුදෙනු වෝහාරික විගණන වාර්තා එලියට දාන්න නීතිමය බාධාවක් නැහැ' -සුනිල් හඳුන්නෙත්ති

බැඳුම්කර ගනුදෙනු වෝහාරික විගණන වාර්තා එලියට දානවද? නැද්ද? : අගමැති, නීතිපතිට බෝලය 'පාස්' කරයි!

සමාගම් 19ක් EPF මුදල් අවභාවිත කරලා : වෝහාරික විගණන වාර්තාවෙන් හෙළිවේ!

මහ බැංකු හොරු කව්ද ? :'වෝහාරික විගණන වාර්තාව එළියට දාන්න' - මංගල ගෙන් අගමැතිට අභියෝගයක් !

ජනපතිට හා අගමැතිට කදිම අවස්ථාවක්: ''වෝහාරික වාර්තාවට අනුව බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන්න" (Audio)

බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන්න – සුනිල් හඳුන්නෙත්ති අගමැතිගෙන් ඉල්ලයි

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්