leader s

අනාගත නායකයන් බිහි කිරීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයට නායකත්ව මණ්ඩලයක් (High post committee) පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂයේ නායක, ජනාධිපති වික්‍රමසිංහ තීරණය කර ඇත.


ජනාධිපතිවරයා මෙම තීරණය කර ගෙන ඇත්තේ, ජනාධිපති ධූරයේ රාජකාරී බහුල බැවින් පක්ෂ කටයුතු උදෙසා වැඩි කාලයක් ගත කිරීමට නොහැකිවීමත් දෙවන පෙළ නායකයන් බිහි කිරීමත් යන අරමුණු මුල් කර ගනිමිනි.

මෙම කාරණය ජනාධිපති වික්‍රමසිංහ විසින් ඉකුත් සතියේ පක්ෂ ජ්‍යෙෂ්ඨයන් හමුවේ ප්‍රකාශ කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි නායකත්වය සම්බන්ධයෙන් අනවශ්‍ය ගැටලුවක් ඇති නොවීම පිණිස මෙම නායකත්ව මණ්ඩලය පත් කිරීමේ තීරණය ගන්නා බව ජනාධිපති වික්‍රමසිංහ පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ට දැනුම් දී ඇත.

සමාන තත්ත්වයේ බලතල සහිතව නායකත්ව මණ්ඩලයක් පත් කිරීමෙන් සැබෑ නායකයන්ට ඉදිරියට පැමිණිය හැකි වන අතර එසේ කළ නොහැකි පිරිසට පසුබැසීමට සිදුවනු ඇතැයි ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

එම කාරණය අරමුණු කර ගනිමින් ජනාධිපති වික්‍රමසිංහ මෙම තීරණය ගෙන ඇති අතර අගොස්තු මස මැද සතියේ පැවැත්වෙන පක්ෂ සම්මේලනයේදී මෙම යෝජනාව සම්මත කර ගැනීමට නියමිතය.

(lankadeepa.lk)



සබැඳි පුවත් :
අලියාව ඇහැරවන්න PAC එයි !

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්