leader s

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ පැවති සාකච්ඡා සාර්ථක වූ බව මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසයි.

ඊයේ (14) පැවති සාකච්ඡාව සඳහා නිදහස් පක්ෂයේ විනය ක්‍රියාමාර්ග මත තාවකාලිකව ඉවත් කරන ලද සාමාජිකයන්ට ද පක්ෂයේ මධ්‍යම කාරක සභාවට පැමිණෙන ලෙස ආරාධනා කර තිබිණි.

ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ලෙස පක්ෂයේ යහපත උදෙසා සිදුකරන ඕනෑම දෙයකට සහාය දෙන බවද අමාත්‍ය මහින්ද අමරවීර මාධ්‍යය වෙත පැවසීය.

මේ අතර, තනතුරුවලින් ඉවත් කළ සාමාජිකයන් යළි එම තනතුරුවල පිහිටුවීමට පියවර ගත් බව දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා සඳහන් කරයි.

මධ්‍යම කාරක සභාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ පැනයකට අදහස් දැක්වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟියෙන් කටයුතු කරන බවය.

කෙසේවුවද ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ, පක්ෂයේ නායකයාගේ ස්ථාවරය සම්බන්ධයෙන් එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර හා තිලංග සුමතිපාල ඇතුළු කිහිපදෙනෙකු විරෝධය පළකර ඇති බවයි. 

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්