බාල ඖෂධවලින් රෝහල්වල ප්‍රතිකාර කටයුතු කිරීම නිසා වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවා

කාර්ය මණ්ඩලවල ජීවිත තර්ජනයට ලක්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පැවසීය.

බාල ඖෂධ නිසා රෝහල්වල බරපතළ ගැටලු හටගෙන ඇති බැවින් රෝගීන් සහ ඔවුන්ගේ ඥාතීන්, වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සමඟ ගැටෙන්නට යාම නිසා මෙලෙස ජීවිත අවදානමකට ලක්ව ඇති බව හෙතෙම සඳහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍යවරයා හෝ වෙනත් ආයතනයක් බාල ඖෂධ සම්බන්ධයෙන් වගකීම භාර නොගන්නා අතර මෙම ඖෂධ ලබාදීම සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විසින් සිදු කරන නිසා ගැටුම් ඇතිවීමේ තත්ත්වයක් හටගෙන ඇති බව ඔහු කීය.

කෙසේවෙතත් ඖෂධවල ප්‍රමිතිය සම්බන්ධයෙන් කිසිදු වගකීමක් වෛද්‍යවරුන්ට නොමැති බවද ඔහු සඳහන් කළේය. 

 
සෞඛ්‍ය සේවයෙන් මරණ වරෙන්තු දෙනවා - සජබ ප්‍රධාන ලේකම්

මේ අතර සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් මද්දුමබණ්ඩාර පැවසුයේ, සෞඛ්‍ය සේවාවේ වගකීම රටේ ජනතාව සෞඛ්‍ය සම්පන්නව ජීවත් කරවීම වුවත් දැන් ක්‍රියාත්මක වන්නේ මිනිසුන් මරණ සෞඛ්‍ය සේවයක් බවයි.

පසුගිය දින කිහිපය තුළ ඖෂධ හා එන්නත් විෂවීම් නිසා වටිනා මනුෂ්‍ය ජීවිත ගණනාවක් රටට අහිමි විය.

මෙම විපතට හේතුව සෞඛ්‍ය අමාත්‍යාංශ බලධරයන් බාල බෙහෙත් වර්ග කොමිස් පිට මිලට ගැනීම බවද ඔහු සඳහන් කළේය.

මේ ආණ්ඩුව කිසිදු වගකීමකින් තොරව මෙම මරණ සම්බන්ධව හාස්‍යජනක පිළිතුරු ලබාදෙමින් සිටියි.

ඒ සමඟ රටේ සමස්ත සෞඛ්‍ය සේවාව විපතට පත්කිරීමේ වගකීම සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුව භාරගත යුතු බවද සජබ මහලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
 
(deshaya.lk)


සබැඳි පුවත් :
 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්