අගමැති මහින්ද රාජපක්ෂට පහරදී දේශපාලන නොදන්නා ජනපති ගෝඨාභය රාජපක්ෂ හුදෙකලා නොකරන්නැයි

රාජපක්ෂ පවුලට සම්බන්ධ කිහිප දෙනෙකු, 'වියත්මඟ' ප්‍රධානීන් කිහිප දෙනෙකු ගෙන් හා ජනාධිපතිවරයාට සමීප මාධ්‍ය ආයතන ප්‍රධානීන් කිහිප දෙනෙකුගෙන් කාරුණික ඉල්ලීමක් කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.

රාජපක්ෂ පවුල අතර  බෙදීමකට විපක්ෂයේ ඇතැමුන් සැලසුම් සහගත කුමන්ත්‍රණයක නියැලී සිටින බව පැහැදිලිකර දී ඇති ඔවුන්, ඊට හසුනොවන්නැයි ද 'වියත්මඟ' ක්‍රියාකාරීන් ගෙන් ඉල්ලා තිබේ.

''මහින්ද දේශපාලනයෙන් ඉවත් කර ගෝඨාභය හුදකලා කර ගැහීමේ කුමන්ත්‍රණයක්'' යන ශීර්ෂයෙන් යුතුව ආණ්ඩුවට හිතවත් වෙබ් අඩවියක පලවී ඇති ලිපියක ද මෙම කාරණය පැහැදිලි කර ඇත්තේ මෙසේය.

 

අමනකම ද ? නැතිනම් ගස බිඳ හෙලීමට කරනා කුමන්ත්‍රණයක් ද ?

''ශක්තිමත්ව වැඩුනු ගසක මල් පිපී ඇති නිසාත්, රස ඵල හටගෙන ඇති නිසාත් ගහේ මුදුන් මුල කපා දැමීමට යෝජනා කිරීම එක්කො අමනකමකි, නැතිනම් ගස බිඳ හෙලීමට කරනා කුමන්ත්‍රණයකි.

මුදුන් මුල ගසට බරක් යැයිද, අනවශ්‍ය යැයිද පෙන්වා එය කපා දැමීමට යෝජනා කරන්නේ සැබැවින්ම ගස බිඳ හෙලීමට අවශ්‍ය උන්ය.

වර්තමානයේ ශ්‍රී ලංකා දේශපාලනයේ සරුවට වැඩුනු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නම් මහා වෘක්ෂයේ සැදූනු අග්‍රඵලය ජනපති ගෝඨාභය රාජපක්ෂයි.

අග්‍රඵලය මිහිරි නිසාත්, ගස සරුවට වැඩී ඇති නිසාත් එම වෘක්ෂය දරා සිටිනා මුදුන් මුල වන අගමැති මහින්ද රාජපක්ෂ නම් මහා සාධකය දේශපාලනයෙන් ඉවත් කිරීමට දත කන්නේ මේ වෘක්ෂය බිම හෙලීමට අවශ්‍ය කුමන්ත්‍රණකරුවන්ය.

මේ කුමන්ත්‍රණය ඇරඹුනේ ගෝඨාභය රාජපක්ෂ මැතිදුන් ජනපති වූ දින සිටය. ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ වඩාත්ම ආදරයට, ගෞරවයට ලක්වූ මහින්ද රාජපක්ෂ සාධකය ඉවත් කර දේශපාලනය නොදන්නා, වැඩ කිරීමට පමණක් දන්නා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හුදෙකලා කර පහසුවෙන් පහත හෙලීම අරමුණයි.

 

සෑම හොඳ වැඩකම ගෞරවය ජනපතිට පමණක් !

පසුගිය සමයේ සිදුවූ සෑම හොඳ වැඩකම ගෞරවය ජනපතිවරයාට ලබා දී, සෑම අයහපත් ක්‍රියාවක්ම අගමැති මහින්දගේ කරේ ගැසුවේ මේ කුමන්ත්‍රණයේ කොටසක් ලෙසය.

සැබෑ ලෙසම මෙම තීන්දු ජනපතිවරයා හා අගමැතිවරයා සාකච්ඡා කර දෙදෙනාගෙම එකඟතාවයෙන් ලබා ගත් තීන්දු විය.

2015 මහින්ද පරාජය කිරීමේ මූලික අයිඩියොලොජිය වූයේ “මහින්ද මහත්තයා හොඳයි, හැබැයි වටේ ඉන්නේ හොරු, ඒ නිසා මහින්ද පරද්දන්න ඕන” බවය. අවසානයේ ඒ කියූ වටේ සිටි හොරු සියල්ල එජාපය හා සිරිසේන සමග එක්විය.

මේ එම කුමන්ත්‍රණයේ නවීන දිගුවයි. ජනපති ගෝඨාභය හොද ප්‍රතිරූපයක් පෙන්වා, අගමැති මහින්ද රාජපක්ෂ මහතා කෙරේ කලු ප්‍රතිරූපයක් මවා මහින්ද සාධකය දේශපාලනයෙන් සමුගැන්වීමට පසුබිමක් සෑදීම අරමුණයි.

මහින්දලා, බැසිල්ලා නොමැති තැනක හුදෙකලා වන දේශපාලනය නොදන්නා ගෝඨාභය වැට්ටවීම මේ කුමන්ත්‍රණකරුවන්ට සුලු කාරියකි.

එම නිසා මිතුරනි, නොරැවටෙන්න.

 

''ගෝඨාභයටත් වඩා ප්‍රායෝගික, දේශපාලනය දන්නා මිනිසා මහින්දය''Text 10 5 

ජනපති ගෝඨාභයගෙන් වැඩ ගැනීමට නම් ඔහු ආරක්ෂා කරනා යෝද පවුර අගමැති මහින්දය. රට ආරක්ෂා කළ, යුද්ධය ඉවර කළ, වරායවල් ගුවන්තොටුපොලවල් සෑදු දේශප්‍රේමී මිනිසා මහින්දය. ගෝඨාභය ජනපති කෙරුවේ මහින්දය.

ගෝඨාභයටත් වඩා ප්‍රායෝගික, දේශපාලනය දන්නා මිනිසා මහින්දය.

මේ සියලූම ජයග්‍රහණයන්ගේ මහා මුදුන් මුල, කේන්ද්‍රය මහින්දය. මහින්ද හා ගෝඨාභය යනු අරමුණු දෙකක් සහිත දෙදෙනෙක් නොව එකම අරමුණක් ඇති එකම බලවේගයකි.

ජනපතිවරණයට පෙරත් මහින්ද ගෝඨාභයට නාමයෝජනා පවා ලබා නොදෙනවා යැයිද, කකුලෙන් අදිනවා යැයිද මතයක් ගොතා රට හමුවේ තැබුවේ මේ කුමන්ත්‍රණකරුවන්මය.

වසර පහක් අරගල කර, දුක් විඳ ලබා ගත් ජයග්‍රහණය කුමන්ත්‍රණකරුවන්ට රැවටී අහිමි කර නොගන්න.

බුද්ධිමත්ව, විමසීමෙන් කටයුතු කරන්න. එසේත් නොමැතිව සත්‍යය වැටහෙන විටෙක 2015දී මෙන් ඔබ ප්‍රමාවද සිටිනු ඇත.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්