විවෘත දේශපාලන සංවාදයක් ගොඩනැගිය යුතු ඉතාම වැදගත් කරුණු රැසක් පිළිබඳව මේ රටේ ප්‍රධාන ධාරාවේ දේශපාලන ව්‍යාපාර මුනිවත රැකීම

බරපතළ ගණයේ අපරාධයක් බව එක්සත් මහජන පක්ෂය (UPP) පවසයි.

# නූතන ලෝකයට ගැලපෙන බරපතළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන්,
# අලු යට ගිනි මෙන් විටින් විට ඇවිලෙන ජාතිවාදී සහ ආගම්වාදී ගිනි පුපුරු සම්බන්ධයෙන්,
# රටේ උන්නතිය වෙනුවෙන් රාජ්‍ය සේවයේ සිදුවිය යුතු බරපතළ ගණයේ ප්‍රතිසංස්කරණයන් 

ඊට උදාහරණ කිහිපයක් බව ද එම පක්ෂය කියා සිටියි.

එක්සත් මහජන පක්ෂයේ ප්‍රචාරක ලේකම් චමින්ද ගුණසිංහ සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ඒ බව සඳහන් කර තිබේ.

රටේ උන්නතිය වෙනුවෙන් වහාම සංවාදයට ගත යුතු කරුණු සියල්ල දැන දැනම මගහැර හුදෙක් ආර්ථිකය, අල්ලස, දූෂණය වැනි සාම්ප්‍රදායික දේශපාලන ඉසව්වල ක්‍රීඩා කිරීම දේශපාලන තක්කඩි කමක් ලෙස සලකන බව ද එක්සත් මහජන පක්ෂය පවසයි.

එම සමාජ මාධ්‍ය සටහනේ මෙසේද සඳහන් වේ.

361627377 235972822719676 3108799650483539881 n
'' අප ඉහත සඳහන් කළ ක්ෂේත්‍රයන් කිහිපය ගෙන බැලුවහොත් ඒවා කෙරෙහි විවෘත සංවාදයක් ඔවුන් ගොඩ නො නගන හේතුව සියුම්ව නිරීක්ෂණය කළහොත් හඳුනාගත හැකිය.

 ඒ අන් කිසිවක් නොව මෙවැනි කරුණු සම්බන්ධයෙන් ගොඩනඟන සංවාදයක දී සමාජයේ කවර හෝ කොටසක සිත් රිදීමට ඇති ඉඩකඩ තුළින් තම ඡන්ද පදනමට ඇතිවිය හැකි හානිය පිළිබඳව ඔවුන් තුළ පවතින තක්කඩි දේශපාලන තක්සේරුව නිසා ය.
 
 
තම වාසිය උදෙසා රටේ ඇත්ත උවමනාවන් සාකච්ඡාවට බඳුන් නොකිරීම හා තම මතය විවෘතව ප්‍රකාශ නොකිරීම, අල්ලස දූෂණය හොරකම තරම් හෝ ඊට වැඩි පන්නයේ අපරාධයකි. එමගින් අඳුරු වන්නේ තක්සේරු කළ නොහැකි තරම් දීර්ඝ අනාගතයකි.
 
 
එක්සත් මහජන පක්ෂය ලෙස අපි මෙවැනි සංවේදී ආර්ථික දේශපාලන සමාජ කරුණු සම්බන්ධයෙන් දේශපාලන වාසි අවාසි නොතකා සංවාදයක් ගොඩ නඟමින් සිටින්නෙමු. එය මේ මොහොතේ ජාතික වගකීමකි. මේ රටේ කිසියම් ජනහිතකාමී දේශපාලන ව්‍යාපාරයක් වේ නම් නොබියව දේශපාලන වාසි අවාසි නොතකා රට වෙනුවෙන් මෙවැනි සංවේදී කලාප පිළිබඳව තම අදහස විවෘතව කියන්නට යැයි අපි යෝජනා කරන්නෙමු.''

එක්සත් මහජන පක්ෂයේ නායකයා වන්නේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ය.

 


 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්