ඉන්දියාව බලා පිටත්ව ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර්

විසින් අද පස්වරුවේදී උණුසුම් අන්දමින් පිළිගනු ලැබූ බවත්, අනතුරුව ඔවුන් දෙදෙනා සාකච්ඡාවකද නිරත වූ බවත් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිධුරයට පත්වීමෙන් පසු පළමු වරට ඉන්දියාවේ දෙදින නිල සංචාරයක් සඳහා අද (ජූලි 20) දහවල් නව දිල්ලිය බලා දිවයිනෙන් පිටත්ව ගියේය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදීගේ ආරාධනයකට අනුව ජනපතිවරයා ඉන්දියාව බලා පිටත්වුයේ ඔහුගේ පදවි ප්‍රාප්තියේ පළමු වර්ෂ පූර්ණය හෙට දිනට යෙදී තිබිය දී ය.

සිය ඉන්දීය සංචාරය අතරතුරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.


සබැඳි පුවත්

ජනාධිපති වික්‍රමසිංහ ධුරයට පත්වීමෙන් පසු පළමුවරට ඉන්දියාවේ නිල සංචාරයක

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්