leader s


කාම්බෝජයේ, පෙනෝම් පෙන් අගනුවර,  2023 ජුලි මස 21 සිට 25 දක්වා පැවැත්වුනු විශ්ව සාම සම්මේලනයට අනුබද්ධ ජාත්‍යන්තර නායකත්ව සමුළුවේ දී  හිටපු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන වෙත සාමය සඳහා වන

ජාත්‍යන්තර සමුළු කවුන්සිලයේ සභාපතිධූරය පිරිනමා ඇත.

ලෝක සාමය උදෙසා 1987 වසරේදී දකුණු කොරියාවේ ආරම්භ කරනු ලැබූ ලෝක සාම සම්මේලන කවුන්සිලය, 2019දී පැවැත්වුණු ලෝක සාම සමුලුවෙන් පසු ජාත්‍යන්තර  සාමය සඳහා වන සමුළු කවුන්සිලය ලෙස ප්‍රකාශය ට පත් කෙරින. ප්‍රජාතන්ත්‍රවාදය, තිරසාර මානව සංවර්ධනය, ආරක්ෂාව හා සාමය එහි ප්‍රධාන අරමුණු වේ.  

ලොව පුරා රටවල් 110ක පමණ රාජ්‍ය නායකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, විද්වතුන් හා පර්යේෂකයන්, සමාජ ක්‍රියාකාරීන්, ජනමාධ්‍යවේදීන් මෙම සම්මේලනයේ සාමාජිකත්වය දරති. විශ්ව සාම සම්මේලනය මේ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආර්ථික සමාජ හා සංස්කෘතික කවුන්සිලය හා සම තත්ත්වයේ ලා සැලකෙන සංවිධානයකි. එහි මූලස්ථානය දකුණු කොරියාවේ සියොල් නුවර පිහිටා ඇති අතර එහි ජාත්‍යන්තර ලේකම් කාර්යාලය එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර පිහිටා ඇත.

මෛත්‍රීපාල සිරිසේන වෙත ජාත්‍යන්තර සාම සමුළු කවුන්සිලයේ සභාපතිධූරය පිරිනැමුනු අවස්ථාවට රටවල් 50ක පමණ ලෝක නායකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විශේෂ නියෝජිතවරුන් විශාල පිරිසක් සහභාගිවී සිටියහ.

WhatsApp Image 2023 07 25 at 8.02.22 AM
කාම්බෝජ මැතිවරණ නිරීක්‍ෂණයේ


කාම්බෝජ මහ මැතිවරණයේ ජාත්‍යන්තර නිරීක්‍ෂණ කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කාම්බෝජයේ ඡන්ද මධ්‍යස්ථාන කීපයක් ඊයේ (24) නිරීක්‍ෂණය කළේය.

එම අවස්ථාවේදී කාම්බෝජයේ මැතිවරණ කොමිසමේ නිලධාරීන්, ඡන්ද මධ්‍යස්ථාන නිලධාරීන් සහ ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි ජනතාව සමඟ ඔහු සාකච්ඡා කර තිබිණ.

image 033793c828

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්