leader s

විදුලිබල මණ්ඩලයට ගෙවීමට ඇති රුපියල් මිලියන 339 නොගෙවීම නිසා විදුලි කප්පාදුවක් සිදු කිරීමට රතු නිවේදනයක් නිකුත් කර ඇතැයි කොළඹ ජාතික රෝහලේ උසස් නිළධාරියෙක් පැවසීය.


මාස පහක හිඟ මුදල් මෙසේ නොගෙවා සිටීම හේතුවෙන් රෝහලේ කටයුතු අඩාල වීමට දැඩි අවදානමක් මතුව ඇති බවද ඔහු පැවැසීය.

විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් විසින් මේ ගැන රෝහලට පැමිණ දැනුම් දී ඇති බවද එය උසස් නිලධාරියා පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගෙවිය යුතු හිඟ මුදල් තවදුරටත් නොගෙවා සිටියහොත් රෝගීන් දැඩි අසීරුතාවකට පත්වන බවද එම නිලධාරියා පැවැසීය.

මේ වනව විට ජාතික රෝහලේ ශල්‍යාගාරවලද ශල්‍ය කටයුතු සිදු කිරීම රෝගීන් විශාල සංඛ්‍යාවක් සිටින බව සඳහන් කරන එම නිලධාරියා කිසියම් හේතුවෙන් විදුලිය විසන්ධි කිරීමක් සිදු වුවහොත් රෝගීන් දැඩි අවදානමකට පත් වන බව ද වැඩිදුරටත් පැවසීය.


රට පුරා රෝහල්වල රු. මිලියන 3000ක හිඟ ලයිට් බිල්පත්


දිවයින පුරා පිහිටි රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතනවලින්, විදුලි බිල්පත් සඳහා රුපියල් මිලියන 3000කට ආසන්න මුදලක් අය වීමට ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

එහි සාමාන්‍යාධිකාරි රොහාන් සෙනෙවිරත්න සඳහන් කළේ, අදාළ හිඟ මුදල්, සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා ලංකා විදුලිබල මණ්ඩලයට සෘජුවම ගෙවා දමන්නැයි දැනුම් දුන් බවයි.

කෙසේ වෙතත් ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේ, බිලපත් නොගෙවූ කිසිදු රෝහලක විදුලිය විසන්ධි කිරීමක් නොකරන බවයි.

PHOTO 2023 07 27 10 37 45

PHOTO 2023 07 27 10 37 45 1

 

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්