සියයට 6ක ආකර්ෂණීය පොලියක් ලබා දෙන බවට පවසමින් කුරුණෑගල පිහිටි මූල්‍ය ආයතනයක මුදල් ආයෝජනය කළ තැන්පත්කරුවන්ගේ රුපියල්

කෝටි 900 ට අධික මුදලක් වංචා කර සැඟව සිටින සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සදහා මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත.

සැකකරු සම්බන්ධයෙන් විදෙස් ගමන් තහනමක් ද ලබාගෙන ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

වෛද්‍යවරුන් හා ආරක්ෂක අංශ නිලධාරීන්, විශ්‍රාමික ආරක්ෂක නිලධාරීන්, රජයේ උසස් නිලධාරීන්, රජයේ හා පෞද්ගලික අංශ සේවකයන් ඇතුලු විශාල පිරිසක් මෙම ආයතනයේ මුදල් ආයෝජනය කර ඇති බව මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය අනාවරණ කරගෙන ඇත.

සියයට 6 ක ආකර්ෂණීය පොලියක් ලබා දෙන බවට පවසා 2020 වසරේ සැකකරු මෙම මුල්‍ය ආයතනය පවත්වාගෙන ගොස් ඇති අතර, ගතවු වසර කිහිපය තුළ 8000 ට ආසන්න තැපන්පත්කරුවන් මෙම මුල්‍ය ආයතනයේ මුදල් ආයෝජනය කර ඇති බවට තොරතුරු හෙළිව ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

මුල් කාලයේ සැකකරුවන් තැන්පත්කරුවන්ට සියයට 6 ක පොලියක් ලබා දී ඇති බවත්, පසුව එය සියයට 3 දක්වා අඩුකර, පසුව එම මුදලද ගෙවීම පැහැර හැර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

(lankadeepa.lk)

 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්