බඳින තුවක්කුවකට හසුවී බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටින අග්බෝ හස්තියා ක්‍රමයෙන් සුව අතට හැරෙමින් සිටින බව පශු වෛද්‍යවරු පවසති.

විශාල ප්‍රමාණයේ දිගු දළ යුගලක් සහිත අඩි 10 ක් උසැති අග්බෝ හස්තියා අනුරාධපුර තිරප්පනේ රක්ෂිතයේදී වනජීවී නිලධාරීන් විසින් සොයාගනු ලැබුවේ බඳින තුවක්කුවකට හසුවී ඇතාගේ ඉදිරිපස වම් පාදයට දැඩි ලෙස තුවාලව සිටියදීය.

පසුගිය ජුනි මස 12 වැනිදා එලෙස හමුවූ හස්තියා මේ වන විට මාසයකට වැඩි කාලයක් තිරප්පනය, සන්දනන්කුළම ප්‍රදේශයේ රජයේ රක්ෂිතය තුළ ප්‍රතිකාර ලබමින් සිටී.

ඒ දිවා රෑනොබලා ක්‍රියා කරන පශු වෛද්‍යවරු හා වනජීවී නිලධාරීන්ගේ රැකවරණය මැදය.

ඇතාගේ අධීක්ෂණ කටයුතු භාර පශු වෛද්‍ය චන්දන ජයසිංහ "අද දෙරණ"ට ඊයේ (30) පවසා තිබුනේ, අග්බෝ ක්‍රමයෙන් සුව අතට හැරෙමින් සිටින බවය.

නමුත් පාදයේ අස්ථි බිඳීමක් ඇති බැවින් සුව වීම කල් ගතවන බව ඔහු සඳහන් කර තිබේ.

මේ අතර ඇතාගේ වත්මන් තත්ත්වය සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක එම ස්ථානයට ඊයේ පස්වරුවේ ගොස් තිබුණි.

මේ අතර ගෙවී ගිය වසර 10 තුළ, වාර්තා නොවූ සිදුවීම් ද සමඟ අවම තරමින් අලි ඇතුන් 6,000ක් පමණ ඝාතනයට ලක්ව ඇතැයි වනජීවී සංරක්ෂණ සංසදය පවසයි.

ඉතිරි අලි ඇතුන් රැකගැනීමට මෙන්ම අලි මිනිස් ගැටුම විසඳීමට ද කඩිනමින් නව වැඩපිළිවෙළක් ඇරඹිය යුතු බව එම සංසදයේ ලේකම් නයනක රන්වැල්ල ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේය.


සබැඳි පුවත් :

වනයේ දී අලියෙකුගේ X-Ray පරීක්ෂණයක් කරන අයුරු ඔබ දැක තිබේ ද?

'අග්බෝ ඇතාට අද දුන්නේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු බෙහෙත්'

තුවාල ලැබූ අග්බෝ ඇතා ගැන වනජීවී ඇමතිනිය කියපු කතාව


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්