දැනට පවතින නියඟ තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී ආහාර හිඟයක් ඇතිවීමේ අවධානමක් මතුව ඇතයි කෘෂිකර්ම අමාත්‍යංශය අනතුරු අඟවයි.



එම තත්වය යම් තරමකින් වලක්වා ගැනීම සඳහා ජලාශවල ජලය ගොවියන් වෙත යම් පමණකින් හෝ මුදාහරින්නැයි කෘෂිකර්ම ඇමතිවරයා පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී කල ඉල්ලීම, විදුලිබල ඇමතිවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇත. ඒ, එසේ ජලාශ වල ජලය මුදා හැරියහොත් බරපතල විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බව පවසමිනි.

විදුලිබල ඇමතිවරයාගේ අදහස පිළිගෙන ඇති කැබිනට් මණ්ඩලය, ගොවි ජනතාවට නියන් සහනාධාරයක් ලබාදීමට සාකච්ජාකර තිබේ.

කෙසේවුවද නියඟය සැලකිල්ලට ගෙන අතරමැදි කන්නයේ මුං ඇට හා කව්පි වගාවට ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර නිලධාරීන්ට උපදෙස් දී ඇත.

යල කන්නයේ  අස්වනු නෙලා ගත් වහාම අතරමැදි කන්නය සඳහා අතිරේක ආහාර බෝග වගාවට අවශ්‍ය පහසුකම් සලසන ලෙස ද අමාත්‍යවරයා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ට දුන් උපදෙස් වල සඳහන් ය.

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මානවල ප්‍රගතිය විමසීම පිළිබදව කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති සමාලෝචන රැස්වීමකදී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත.

දැනට පවතින නියඟ තත්ත්වය හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල අතරමැදි කන්නයේ වගාව සඳහා යොමුවීමට හැකියාවක් නැතත් හම්බන්තොට, පොළොන්නරුව  ආදී දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ රැසක අතරමැදි කන්නය ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් පවතින බව හඳුනාගෙන තිබේ. යල කන්නයේ අස්වනු නෙලා ගැනීමත් සමග කුඹුරුවල ඇති තෙතමනය උපයෝගී කර ගනිමින් කෙටිකාලීන බෝග වශයෙන් කව්පි හා මුං ඇට වගා කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට දැනුම් දී තිබේ.

ඉදිරියේ දී ආහාර හිඟයකට මුහුණ දීමට සිදු වුවහොත් ඊට මුහුණ දීම සඳහා වගා කළ හැකි හැම ඉඩමකම කෙටිකාලීන ආහාර බෝග වගා කිරීමට ගොවීන් උනන්දු කළ යුතු බව අමාත්‍යවරයා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට මෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවටත් උපදෙස් දී ඇත.

 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්