සමනල වැවේ ජලය වගාවන් සඳහා උඩවලව ජලාශයට නිදහස් කරන්නැයි ඉල්ලා

වලව කලාපයේ ගොවීහු අද (අගෝස්තු 04) ඇඹිලිපිටිය නගරයේ දී විරෝධතාවයක නිරත වූහ.

මේ අවස්ථාවේ දී ජලය ලබා නොදුනහොත් ගොයම රැක ගැනීමට ලැබෙන අවසන් අවස්ථාව ද අහිමිවන බව ඔවුහු අවධාරණය කළහ.

සමනල වැවේ ජලය ඉතා පහළ මට්ටමක පවතින බැවින් මේ අවස්ථාවේ දී වගාවන් සඳහා ජලය නිදහස් කළහොත් දකුණු පළාතට විදුලිය කප්පාදු වෙනවබ රජය පවසයි.

සැප්තැම්බර් දක්වා පවතින නිරිතදිග මෝසමෙන් මෙවර අපේක්ෂිත වර්ෂාව නොලැබෙන අතර ඔක්තෝම්බර් සිට දෙසැම්බර් දක්වා අන්තර් මෝසම් කාලයේ වෙනදාට වැඩ වර්ෂාවක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා BBC සිංහල සේවයට පැවසුවේය.

 

(BBC සිංහල සේවය)


සබැඳි පුවත් :

නියඟය නිසා අසුතුන්දාහකට පීඩා

ගොවියා අමාරුවේ දැමීම ගැන ඇමති අමරවීර කියන කතාව

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image