නියගයෙන් පීඩාවට පත්වූ ජනතාවට හා ජලය අපේක්ෂාවෙන් සිටින ගොවිජනතාව සදහා වන ජනාධිපතිවරයාගේ හා කැබිනට් මණ්ඩලයේ ස්ථාවරය

මෙන්ම වැඩපිලිවෙල වහාම ප්‍රකාශ කලයුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවස යි.

ඔහු මේ බව පැවසුවේ බිංගිරිය ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසිය.

'' ගොවීන්ට විශාල වශයෙන් නියගයෙන් හානි වෙලා. විශේෂයෙන්ම දකුණු පලාතේ ගොවියන්ට නැගෙනහිර, උතුරුමැද, වයඹ වගේම දිවයින පුරා ගොවීනුත් මෙම නියගවෙන් පීඩාවට පත්වෙලා තියෙනවා. මේ ජනාධිපති පත්කලේ අපි. ඒ නිසා අපට ජනාධිපතිවරයාගෙන් හා කැබිනට් මණ්ඩලයෙන් කෙලින්ම අහන්න ඕනෙ මොකක්ද නියගයෙන් පීඩාවට පත්වූ ගොවීන්ට දෙන සහන. ඒ වගේම ජල ප්‍රශ්නයට දෙන විසදුම මොකක්ද කියන එක. ඒ වගේම මේ පිලිබදව මොකක්ද ඔවුන්ගේ ස්ථාවරය කියන එක.

ඒ වගේමයි ජනාධිපතිවරයා දේශගුණික විපර්‍යාස සමුළුවට සහභාගී උනා. එම සමුළුවේ රටවල් සමග හොද සම්බන්ධතාවක් තියෙනවා. එම රටවල් වලින් මේ මොහොතේ අපට ලබාගත හැකි ආධාර උපකාර මොනවද කියන එකත් අපි බලන්න ඕනෙ. ඒ වගේම අපි පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදීත් මේ පිලිබදව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. 

 

ඒ වගේමයි විපක්ෂනායකතුමාට හා අනුර දිසානායක සහෝදරයාටත් මම කියනවා විවේච්න නොකර ප්‍රායෝගික ඒකාබද්ධ ප්‍රවේශයක් ලබා ගන්න ඕනෙ කියලා මේ ගැටළුවට මුහුණ දීමට මෙය දේශපාලන කාරණයක් නෙවෙයි. විශේෂයෙන් ම අපි දේශපාලන වශෙයෙන් බෙදී හිටියත් ස්වභාවධර්මයට මුහුණ දෙන්න වෙන්නේ එකට. 

 

ඒ නිසා අප සියළු දෙනා එක්වී ජල කලමණාකරණය, විදුලි උත්පාදනය හා ගොවිජනතාවගේ අස්වැන්න සාර්ථක කරගන්න සියළු දෙනා එක්වී ප්‍රායෝගික වැඩපිලිවෙලක් සකස් කල යුතුයි.''


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බිංගිරිය ආසන බලමණ්ඩල රැස්වීමට විශාල පිරිසක් සහභාගී වී සිටියේය.
 
365768550 834011024761303 672054911911119597 n365448111 834011094761296 8181857040894250517 n365426246 834011124761293 9135264813870949903 n


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්