ජල ගාස්තු අධික ලෙස ඉහළ දැමීමට එරෙහිව කඩිනමින් ජනතාව පෙළගැස්වීම ආරම්භ කරන බව

ජනතා විමුක්ති පෙරමුණේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසීය.

ඒ අනුව, රට පුරා උද්ඝෝෂණ මාලාවක් හා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මන්ත්‍රීවරයා කීය.

මේ මොහොතේ ඖෂධ ප්‍රශ්නය මෙන් ම ජනතාවගේ හිස මත දමා ඇති ආර්ථික පීඩනය ද ඔවුන් රෝගීන් බවට පත් කිරීමට තදින් බලපා ඇතැයි ඔහු පැවසීය.

“රජය විසින් අධික ලෙස බදු පැනවීම හරහා භාණ්ඩ හා සේවා මිල ඉතා ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේ ම ආර්ථිකය කඩා වැටීම හේතුකොට ගෙන ලක්ෂ ගණනක් දෙනා විරැකියාවට පත්ව සිටිනවා. තෙල්, විදුලිය හා අත්‍යවශ්‍ය භාණ්ඩ මිලට ගැනීමේදී ජනතාවට විවිධ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුව තිබියදී ජනතාවගේ අත්‍යවශ්‍ය ම පාරිභෝජන භාණ්ඩයක් වන ‘ජලය’ සඳහා අයකරන ගාස්තුව අධික ලෙස ඉහළ දැමීමෙන් ජනතාව කබලෙන් ළිපට ඇද වැටුණු තත්ත්වයකට පත්ව තිබෙනවා.

ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉලක්ක සම්පූර්ණ කරන්නට ගොස් විශාල ලෙස ජනතාව පීඩාවට පත් කරනවා. ජනතාව වෙත එල්ල කර තිබෙන මේ සියලු ආකාරයේ පීඩනයන්ට එරෙහිව ජනතාව ජීවත් කරවීමේ අයිතිය ඉල්ලා විශාල උද්ඝෝෂණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන්නට අපි සූදානම්.

විශේෂයෙන් ම මේ පිළිබඳව ජනතාව දැනුවත් කරන වැඩපිළිවෙළක් අරඹා ජනතාව පෙළ ගස්වන්නට අපි කටයුතු කරනවා. එනම් ජනතාව දැඩි ආර්ථික අර්බුද හමුවේ දැඩි මානසික පීඩනයකට ගොදුරු වී සිටින අතර එමඟින් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වයද මේ වන විට පිරිහෙන තත්ත්වයකට පත්ව තිබෙනවා. මෙම කාරණා ආණ්ඩුවට නොතේරෙනවා සේ සිටීම ඛේදජනක කාරණයක්,” යැයි හෙතෙම වැඩිදුරටත් පැවසීය.

(mawbima.lk)

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්