ඇමෙරිකානු ඩොලර් මිලියන 12ක ඉන්දියානු ප්‍රදානයක් යටතේ උතුරේ දූපත් තුනක ආරම්භ කිරීමට නියමිත සුළං හා සූර්ය බල විදුලි ව්‍යාපෘතීන්


සඳහා ශ්‍රී ලංකාව චීනය වෙනුවට ඉන්දියාව තෝරා ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

යාපනය වෙරළට ඔබ්බෙන් දෙමුහුන් පුනර්ජනනීය බලශක්ති පද්ධති ස්ථාපනය කිරීම සඳහා කොන්ත්‍රාත්තුව මුලින්ම 2021 වසරේදී ශ්‍රී ලංකාව චීන සමාගමකට ලබා දීමට තීරණය කර තිබුණත් එල්ල වූ විරෝධතා හමුවේ එම කොන්ත්‍රාත්තුව චීන සමාගමෙන් ඉවත් කළ බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දී තිබේ.

තෙවැනි පාර්ශවයක් හේතුවෙන් චීන සමාගම ඉවත් කළ බවට එම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ඉඟි කළ බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

ඉන්දියානු ප්‍රදානය යටතේ විදුලි ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා මේ වන විට ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය ටෙන්ඩර් කැඳවා තිබෙන බවත් ඉන්දීය ප්‍රදානයක් යටතේ ව්‍යාපෘති ආරම්භ කිරීමට නියමිත බැවින් ඉන්දියානු සමාගමකට එම ව්‍යාපෘති ලැබීම සාධාරණ බවත් ඉන්දියානු මාධ්‍ය පෙන්වා දී තිබේ.

 

ශ්‍රී ලංකාවේ ඩෙල්ෆ්, නයිනතිව්, අනලතිව් දූපත්වල ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ චීන දෙමුහුන් විදුලිය ව්‍යාපෘති අත්හිටුවීමට තීරණය කළ බව කොළඹ චීන තානාපති කාර්යයාලය 2021 අග දී නිවේදනය කළේ ය.ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කොළඹ චීන තානාපති කාර්යයාලය සඳහන් කළේ, "තුන්වන පාර්ශ්වයකින් ඉදිරිපත් වූ 'ආරක්ෂාව පිළිබඳ ගැටලු' හේතුවෙන්" එම පියවර ගත් බව යි.

 

(උපුටා ගැනීම් - lankadeepa.lk)


සබැඳි පුවත් :
චීනය ශ්‍රී ලංකාව තුළ පසුබෑමකට ලක්වෙලා ද?


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්