නියගය හේතුවෙන් ගොවි ජනතාව අතර ඇතිවී තිබෙන නොසන්සුන් තත්වය උපයෝගීකරගෙන එම ජනතාව රජයට එරෙහිව පාරට බස්සවා නැවතත් විරෝධතා රැල්ලක් ඇති කිරීමේ වැඩපිළිවෙලක් සංවිධානාත්මකව

ක්‍රියාත්මක වෙමින් පවතින බවට රජයේ  බුද්ධි අංශ විසින් ජනාධිපති වික්‍රමසිංහට රහස්‍ය වාර්තාවක්  බාර දෙමින් දැනුම් දී ඇතැයි 'ලංකාදීප' වාර්තාකර තිබේ.


එම පුවත් වාර්තාවේ මෙසේද සඳහන් වේ.

'' මෙම විරෝධතා රැල්ල ඇති කිරීමේ කුමන්ත්‍රණය පිටුපස සිටින්නේ පසුගිය අරගලයට සම්බන්ධව සිටි පිරිසක් බවද බුද්ධි අංශ වාර්තාවේ සඳහන් කර ඇතැයි ඉහළ පෙළේ පොලිස් ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

අවසාන වශයෙන් රටේ ආර්ථික වැඩපිළිවෙල කඩාකප්පල් කිරීම මේ පිටුපස සිටින බලවේගයන්හි ප්‍රධාන අරමුණ වී ඇතැයිද බුද්ධි අංශ පෙන්වාදී ඇත.

කුමන්ත්‍රණය පිටුපස සිටින කණ්ඩායම් කවුරුන්දැයි බුද්ධි අංශ විසින් එම වාර්තාවෙන් විස්තර සහිතව පෙන්වා දෙනු ලැබ ඇතැයිද වාර්තා වේ. එසේම  ජනමාධ්‍ය ආයතන කිහිපයක්ද නම් කර ඇති එම බුද්ධි අංශ ඒ  මාධ්‍ය ආයතන ජනතාව ප්‍රකෝපකරන ආකාරයේ මාධ්‍ය වාර්තා පළ කරන බවද සඳහන් කර ඇත.

විපක්ෂයේ  පක්ෂයක්, විපක්ෂයේ දමිළ පක්ෂයක් නියෝජනය මන්ත්‍රීවරයකුද   මේ කටයුත්තට සම්බන්ධ වී  සිටින  බවට   බුද්ධි අංශ වාර්තාවෙන් තොරතුරු අනාවරණය කර ඇත.


 නියගයෙන් පීඩාවට පත්ව  සිටින ගොවි  ජනතාවට ආණ්ඩුව ජලය නොදෙන බව පෙන්වා එමගින් ආහාර හිගයක් ඇතිවන බවටද සඳහන් කරමින් ජලය වෙනුවෙන් ජන සටනක් ලෙස ජනතාව පාරට ගෙන ඒමට මෙම කණ්ඩායම කටයුතු කරමින් සිටින බව පෙන්වා දෙන බුද්ධි අංශ වාර්තාව, මෙම පිරිසට අද  අවශ්‍යවී ඇත්තේ පසුගිය වසරේ සිදුවූවක් මෙන් නැවතත් පෝලිම් යුගයක් ඇතිකර ඒ ඔස්සේ දේශපාලන පෙරළියක් ඇති කිරීම බවද වැඩිදුරටත් සඳහන් කර ඇත.''


සබැඳි පුවත් :
ඇමති කංචන ගේ නිවසට දැඩි පොලිස් ආරක්ෂාවක් !

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්