අගෝස්තු 16 දින වන විට සමනල වැව ජලාශයේ විදුලි උත්පාදනය සම්පුර්ණයෙන් ම ඇණහිටින බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ඒ අනුව, විකල්ප විදුලිය මිල දී ගැනීමක් සිදු නොකළොත් මාතර, ගාල්ල, රත්නපුර, හම්බන්තොට දිස්ත්‍රික්කවලට පැය තුනක විදුලි කප්පාදුවක් සිදු කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

ඔහු මේ බව සඳහන් කළේ, අද (අගෝ:8) පාර්ලිමේන්තුවේදී ය.

'' අගෝස්තු මස 16 වන දා වෙද්දී සමනල වැව ජලාශයෙන් විදුලි උත්පාදනය සම්පුර්ණයෙන් ම ඇණහිටිනවා. ඒක සම්පුර්ණයෙන් ම ඇණහිටියා ම අපිට විකල්ප විදුලි මිල දී ගැනීමක් නැත්තම් අනිවාර්යයෙන් ම මාතර දිස්ත්‍රික්කයේ, ගාල්ල දිස්ත්‍රික්කයේ, රත්නපුර දිස්ත්‍රික්කයේ, හම්බන්තොට යන දිස්ත්‍රික්කවල පුර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් පැය තුනක විදුලි කප්පාදුවක් යන්න වෙනවා. ඒ විදුලිය මිල දී ගැනීමක් සිදු කළේ නැත්තම්. එතකොට දවල් කාලයේ පැයයි. රාත්‍රී කාලයේ පැය දෙකයි. ඒ නිසා අපි ඉල්ලීමක් කරා අපිට විදුලිය කප්පාදු කරන්න බෑ. අපි පසුගිය මාර්තු මාසයේදීත් ඉල්ලීමක් කරලා තිබුණා මාස තුනක හතරක කාලයකට සමහර විට අපිට අවශ්‍ය වෙයි කියලා.ඒ අනුමැතිය ම හෝ පාවිච්චි කරලා අපිට විදුලිය මිල දී ගන්න අවශ්‍ය වෙයි. ඒ විදුලිය මිල දී ගන්නවා නම් අපේ රටේ තියෙන්නේ බලාගාර තුන යි. දකුණු පළාත සම්බන්ධ කරන්න පුළුවන්. A.S ඇඹිලිපිටිය, A.S මාතර, B power. මේ තුනෙන් අපිට කැඳවිම් කරන්න වෙනවා. අපේ පැත්තෙන් විදුලිය උත්පාදනය කිසිම ගැටලුවක් නෑ වතුර නිදහස් කරන්නේ නැත්නම්. වතුර නිදහස් කරන නිසා අපිට අගෝස්තු මාසයේ 15 වන දා ඉදලා සහතික කරන්න අඛණ්ඩ විදුලිය සැපයුමක් තියන්න අනිවාර්යයෙන් ම විදුලිය මිල දී ගැනීමක් සිදු කරන්න වෙනවා. ඒක ප්‍රසම්පාදන ක්‍රමය තුළ සිදු කරන්න අපි බලාපොරොත්තු වෙනවා.”



'' අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කරනවා''

රට තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කර ඇති අතර, ඉදිරියේ දී විදුලි කප්පාදුවක් සඳහා කිසිදු සැලසුමක් නොමැති බව ද විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, පැය 24 පුරා අඛණ්ඩ විදුලි සැපයුමක් පවත්වාගෙන යෑමට අවශ්‍ය අතිරේක විදුලිය ලංකා විදුලිබල මණ්ඩලය විසින් සපයා ගන්නා බවය.

kanchu


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්