ජනාධිපතිවරයා විසින් කැඳවන ලද සර්ව පාක්ෂික සාකච්ඡාවේ දී විපක්ෂය විසින්

රජයේ පාර්ශ්වයෙන් ඉදිරිපත් විය යුතු යෝජනා ඉදිරිපත් කරන ලෙස ඉල්ලීමක් කළ බවත්, ඒ අනුව යම්තාක් දුරකට අද (09) එවැනි යෝජනා ප්‍රමාණයක් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ බවත් ප්‍රගතිශීලී විපක්ෂයක් ලෙස එම යෝජනා පරිශීලනය කර සත්භාවයෙන් යුක්තව ප්‍රතිචාර දක්වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජය නිර්මාණය කළ යුත්තේ ජනතා ‌ස්වෛරීත්වය සහ ජනතා පරාමාධිපත්‍ය මත බවත් 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කරන විට කවුරු සඳහා ද යන ගැටලුව මතුවන බවත්, අද වන විට පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයන් නොමැති බවත්, එයට හේතුව වත්මන් රජයේ ඡන්ද භීතිකාව බවත් එබැවින් සර්ව පාක්ෂික සාකච්ඡාවේ දී ඉදිරිපත් කළ කරුණු අනුව මෙම ඡන්ද වරමට අවස්ථාව ලබා දෙන ලෙසත් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.

වැදගත්ම මූලික පියවර වන්නේ මේ පළාත් සභා ක්ෂේත්‍රයේ වරමකට ඉඩක් ලබා දීම බවත් ඒ සදහා කඩිනමින් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා දිය හැකි බවත් පළාත් සභා 9ම මේ කර්තව්‍ය ක්‍රියාත්මක කරලා මහජන නියොජිතයන් පත් කර 13 වැනි සංශෝධනය ගැන කතා කළ හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (09) පාර්ලිමේන්තුවේ දී ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට පිළිතුරු ප්‍රකාශයක් සිදු කරමිනි.



එහි දී විපක්ෂ නායකවරයා කියා සිටියේ පාර්ලිමේන්තුවේ 134කගේ ඡන්දයෙන් පත්වූ ජනාධිපතිවරයාට රටේ ජනවරමට ඉඩක් ලබා දෙන්න යුතුකමක් පවතින බවත් ජනාධිපතිවරයා විපක්ෂයේ සිටින විට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හඩක් නැගුවත් දැන් එය නවත්වා තිබීම අනුමත කළ නොහැකි බවත් ය.



එබැවින් මැතිවරණයකට යාමට අවස්ථාව ලබා දී ජනවරමකට ඉඩක් ලබා දෙන ලෙසත් ජනතාව අසහනයට පත් කරන ක්‍රියාමාර්ගවලින් වැළකෙන ලෙසත් එදා රාජ්‍ය ත්‍රස්තවාදයට විරුද්ධ වූවා සේ අද ද රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක නොකරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තවදුරටත් පැවසීය.

විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය සෑම අවස්ථාවකම බාධා නොකරන බවත්, ජනතාවගේ පැත්තෙන් සිතා යහපත් ඕනෑම දෙයකට ප්‍රගතිශීලීව එකග වන හෙයින් ජනතාව ඉල්ලා සිටින පළාත් සභා මැතිවරණ පවත්වා ඉන් අනතුරුව ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට එක්වන ලෙස ද මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

එසේම සෞඛ්‍ය අමාත්‍යවරයාට විරුද්ධව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව ආපස්සට ගන්නා බවට මාධ්‍ය වාර්තා පැවසුවත් එය අසත්‍ය බවත් ඒ සදහා දවස් 3ක විවාදයක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

 

 


සබැඳි පුවත් :
ජනාධිපතිගේ විශේෂ ප්‍රකාශය : අවංක එකමුතුවක අවශ්‍යතාවය අවධාරණය කරයි

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්