ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ ශල්‍ය වාට්ටුවේ අංක 07 හි ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකුට

'සෙෆ්ටාසිඩීම්' සෙෆ්ටාසිඩීම් (inj.ceftazidime) නැමැති එන්නත ලබාදී මිනිත්තු 5 කට පසු ඇද වැටී පසුව මරණයට පත්වූ බව ගම්පහ රෝහලේ උසස් නිලධාරියක් පැවසීය.

ඊයේ (11) මෙම එන්නත ලබා දී මිනිත්තු 05කින් අනතුරුව එම රෝගියා ඇදවැටී පැයක් ගත වීමට පෙර මිය ගිය බවද එම නිලධාරියා සඳහන් කළේය.

එම රෝගියාට එම එන්නතෙහිම මාත්‍රා 10 ක් ලබාදී තිබු බවත් මාරාන්තික සංකූලතා ඇතිවූයේ එකොලොස්වන මාත්‍රාව එන්නත් කිරීමෙන් පසුව බවත් එම නිලධාරියා කීය.

ගම්පහ මහ රෝහලේ අධ්‍යක්ෂවරයාගේ උපදෙස් පරිදි එම එන්නත් කාණ්ඩය තාවකාලිකව අත්හිටුවා ඇති බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

ඖෂධ අසාත්මික වීමක දි කටයුතු කරන ආකාරය සම්බන්ධව මේ දිනවල රෝහල් තුළ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වුවද එම හදිසි ප්‍රතිකාර ඒකකයට අදාල රෝගියාගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වී තිබේ.

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්