leader s

අවසරයකින් තොරව දේශපාලන ප්‍රචාරක කටයුතු සඳහා ඡායාරුපයක් යොදාගැනීම ගැන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකත්වයට එරෙහිව නීති මගින් කටයතු කිරීමට යන බව තරුණ ඡායාරුප ශිල්පියෙක් දැනුම් දී

තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පලවා හැර රනිල් වික්‍රමසිංහට රාජ්‍ය නායකත්වයට එන්නට මග පෑදු ගෝල්පේස් අරගලය ගැන ලියවුනු පොතේ පිටකවරයට පෙසපෙ විසින් යොදාගෙන ඇත්තේ මිරිහානේ විරෝධතාවයකට අත දරුවා සමග සහභාගිවූ මාතාවක් දැක්වෙන ප්‍රකට පින්තුරයකි.

අරගලයට සම්බන්ධ විවිධ පාර්ශවවලට විවිධ අවස්ථාවල නොමිලේ පාවිච්චි කිරීමට ඉඩ දී ඇති එම ඡායාරූපය කාචයට හසුකරගත් ශිල්පියා කනස්සල්ලෙන් යුතුව පවසන්නේ ‘මන්දිර කැළඹු අරගලය’ නම් පොතට තම නිර්මාණය භාවිත කිරීමට විමසීමක් කිසිදු විමසීමක් කර නැති අතර තමන් ඊට කිසිදු අවසරයක් ද දී නැති බවයි.

“පලකිරීමකදී කතෘගෙන් විමසීමේ අවම සදාචාරාත්මක අයිතියාවත් පවත්වාගත නොහැකි දේශපාලන පක්ෂයක් විසින් එය මෙලෙස අවසරයකින් තොරව භාවිතා කර ඇති බව,” චානුක නදුන් පෙරේරා ඡායාරුප ශිල්පියා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත් කර ඇත.

‘මන්දිර කැළඹු අරගලය’ මහවැලි කේන්ද්‍රයේ එලි දැක්වීමේ ප්‍රධාන දේශනය පවත්වමින් පෙසප නායක කුමාර් ගුණරත්නම් පවසා තිබුනේ “මේ ලෝකය අයුක්ති සහගත බව, මේ සමාජය අතිශය අසාධාරණ එකක් බව නැවත නැවත කියන්න අවශ්‍ය  නෑ,” යනුවෙනි.

එම පොතේ පිටකවරය සඳහා තමන් ගත් ඡායාරුපය යොදාගත් “කර්තෘ අයිතීන් සුරැකීමටවත් අවම සදාචාරයක් පවත්වාගත නොහැකි අයවලුන්ට” විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා එම ගැටලුව තම නීතිඥයන් වෙත යොමු කර ඇති බව චානුක නදුන් පෙරේරා වැඩිදුරටත් පවසයි.

 

image

සබැඳි ලිපියක් :
මාක්ස්වාදය ළඟ වැඩකිරීම ම වරප්‍රසාදයක් ද? - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

JW

 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil