leader s

මාතලේ දිස්ත්‍රික්කයේ හෙක්ටයාර් 300 පමණ කැලෑගිනි ගිනි තැබීමෙන් හානි වි ඇති බවත්, ඒවා කළ පුද්ගලයින් රැසක් මේ වන විටත් අත් අඩංගුවට ගෙන ඇති බවත් මාතලේ දිසා වන නිලධාරි අශෝක හේරත් පැවසිය.

දඩයම් කිරීම, අලි කරදරවලින් බේරීම, ආහාර අවශ්‍යතාවය සපුරාගැනීම ඇතුළ කරුණු කීපයක් හේතුවෙන් කැලෑ ගිනිතැබීම සිදුකරන බව අශෝක හේරත් පෙන්වා දුන්නේය.

පවතින අධික වියලි කාගලගුණික තත්වය නිසාවෙන් කැලැවකට ගිනි තැබුවහොත් එ ඉතා වේගයෙන් පැතිර ගොස් සිදුවන හානිය වැඩි බවද ඔහු කීවේය.



තබ්බෝවත් ගිනි ගනී


සාලියවැව පොලිස් වසමේ  තබ්බෝව රක්ෂිතයේ හදිසි ගින්නක් හටගෙන තිබේ.

ඊයේ (16) දින සවස් කාලයේ ගින්න හටගෙන ඇති අතර සාලියවැව පොලිසිය, යුධ හමුදාව හා කරුවලගස්වැව අඩවි වන නිලධාරීන්ගෙ සහාය ඇතිව ගින්න මැඩපවත්වා ඇත.

ගින්න හේතුවෙන් අක්කර 50ක පමණ භුමි ප්‍රමාණයක් විනාශ වී ඇති අතර දේපළ හානි කිසිවක් වාර්තා නොමැති බව පොලිසිය සඳහන් කරයි.

ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

මේ සම්බන්ධව සාලියවවැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.



(මුලාශ්‍රය - lankadeepa.lk)

සබැඳි පුවත් :
වන විනාශය : 'මාස හතට හෙක්ටයාර් 2500ක් ගිනි තියලා' -(වීඩියෝ)

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්