පෙර පාසලේ සිට දහතුන ශ්‍රේණිය දක්වා සිසුන්ට ලිංගික අධ්‍යාපනය ලබා දීමේ වැඩපිළිවෙළ ලබන මාසයේ සිට ආරම්භ කිරීමට ළමයින් සඳහා වන

පාර්ලිමේන්තු සංසදය තීරණය කර තිබේ.

ලිංගික දැනුම ලබා දීම සඳහා පෙර පාසල් දරුවන්ට මෙන්ම සෙසු ශ්‍රේණිවල සිසුන්ට අදාළව පොත් දාහතරක් ජාතික අධ්‍යාපන ආයතනයෙන් මේ වන විට සකස් කෙරෙමින් පවතී. වෛද්‍යවරු, ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය මෙන් ම සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීහු ඒ සඳහා සහය දක්වති.

ඒ ඒ ශ්‍රේණිවලට අදාළව සකස් කෙරෙන පොත්වල අන්තර්ගත කරුණු එකිනෙකට වෙනස් වෙයි. මෙම පොත් ලබා දෙන්නේ අතිරේක කියවීම් පොත් වශයෙන් යැයි එම සංසදයේ සභාපතිනී , පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණී කුමාරි විජේරත්න ‘අරුණ’ පුවත්පතට පවසා ඇත.

සියලුම දරුවන් වෙනුවෙන් එකවර පොත් මුද්‍රණය කිරීම අසීරු හෙයින් ප්‍රථමයෙන් ම අන්තර්ජාලය ඔස්සේ පොත පරිශීලනයට සිසුන්ට අවස්ථාව දෙන බවත් පොත් මුද්‍රණය කිරීම සඳහා රාජ්‍ය නොවන ආයතනවල සහය ලබා ගන්නා බවත් සභාපතිවරිය කියා සිටියි.

විෂය නිර්දේශ සකස් කිරීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් ලබන සතියේ පාර්ලිමේන්තුවේ දී සාකච්ඡාවක් පැවැත්වෙන බවත් එම ප්‍රගතිය අනුව වැඩපිළිවෙළ ආරම්භ කරන නිශ්චිත දිනයක් තීරණය කරන බවත් මන්ත්‍රිවරිය සඳහන් කරයි. ළමා අපයෝජනවලට මූලිකම හේතුව ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් සමාජයේ ඉතාම අවම දැනුමක් පැවතීම බව ද සභාපතිවරිය පවසයි.

ලිංගික අධ්‍යාපනය ලබා දීම සඳහා 2019 වසරේ දී හත්වැනි ශ්‍රේණියේ සිසුන්ට ‘හතේ අපේ පොත’ට විරුද්ධව ඇතැම් පිරිස් අදහස් පළ කිරීම නිසා එම පොත දරුවන්ගෙන් ඉවත් කිරීමට පියවර ගැනිණි.


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්