ජනාධිපති වික්‍රමසිංහ, ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපතිනි ජූලි චන්ග් සමග ඊයේ (19) යාල ජාතික වනෝද්‍යානයේ සංචාරයක නිරත විය.



සංචාරකයන්ට ඉක්මනින් යාල ජාතික වනෝද්‍යානය වෙත ඇතුලු වීම සඳහා මාර්ග ගත ක්‍රමයට ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීම සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපතිවරයා අවධානය යොමු විය.

වියළි කාළගුණය නිසා සිඳී ගොස් ඇති ජල කඩිති වලට ජලය මුදා හැරිමේ වැඩසටහනකටද ජනාධිපතිවරයා සහභාගී වූයේය.

යාල ජාතික වනෝද්‍යානය ශ්‍රී ලංකාවේ ඇති පැරණිතම වනෝද්‍යානයන්ගෙන් එකක් වන අතර අඩුම භූමි ප්‍රමාණයකදී ශ්‍රී ලංකා කොටියන් (Panthera pardus kotiya) නැරඹීමට හැකි ස්ථානයකි.

ජනපතිගේ මෙම සංචාරය සඳහා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ද සහභාගී වූහ.

image e7403ce3adimage a159cafb94
image 2c5f95273b

(ජයාරූප - lankadeepa.lk)


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්