රට තුළ පවතින විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය හේතුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය බරපතල ගැටලුවකට මුහුණ පාමින් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

 

එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ රට හැර යන විශේෂඥ වෛද්‍යවරුන් රට තුළ තබා ගැනීමට පැහැදිලි වැඩ පිළීවෙළක් දක්නට නොමැති බවයි.

විශේෂඥ වෛද්‍ය හිගය රෝහල් පද්ධතියට දැඩි බලපෑමක් එල්ල කර ඇති බවත් විශේෂඥ වෛද්‍යවරයෙකු බිහි කිරීමට වසර 7කට වැඩි කාලයක් ගත වන බවත් ඔහු මෙහිදී ප්‍රකාශ කළේය. 

.

'නෙත් නිවුස්' මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් කල විමසිමකදී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී විජේසූරිය පැවසුවේ මීට පෙර වසරවලට වඩා විශේෂඥ  පුහුණුව සදහා වැඩි වෛද්‍යවරැන් පිරිසක් බඳවා ගැනීමට තීරණය කර ඇති බවයි.


එලෙස විශේෂඥ පුහුණුව ලබන වෛද්‍යවරුන් අනිවාර්යෙන් වසර 05ක් රට තුළ සේවය කළ යුතු බවට වන නව කොන්දේසියක් ගෙන එන බවද මෙහිදී ප්‍රකාශ කළේය. 



(nethnews.lk)


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්