ශ්‍රී ලංකාවේ සම උරුමය සහ ජාතික අයිතිය වෙනුවෙන් මලය කඳුරට දෙමළ ජනයා තලෙයිමන්නාරමින් ආරම්භ කළ පා ගමන නිමා කළ මාතලේ දිස්ත්‍රික්කයේ වතු කම්කරුවකුගේ නිවාසයක් විනාශ කර දැමීම

සම්බන්ධයෙන් පාලකයන්ට චෝදනා එල්ල වී තිබේ.

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ මාතලේ ඇල්කඩුව වතු යායට අයත් රත්වත්ත පහළ කොට්ඨාසයේ ලැයිම් කාමරවල ජීවත් වු වතු කම්කරුවකු ඉදිකළ තාවකාලික නිවාසයක් සහකාර වතු කළමණාකරුවකු  විසින් කඩා බිඳ දමා ඇති බවයි.

පවුල් තුනකට අයත් පුද්ගලයන් 14 දෙනකු දිර්ඝ කාලයක සිට එකම ලැයිම් කාමරයේ ජීවත් වීමට ඉඩකට මදිවීම හේතුවෙන් ඔවුන් නව නිවසක් ඉදිකරගැනීම වෙනුවෙන් 2005 වසරේ සිට අවස්ථා කිහිපයකදීම වතු පාලනාධිකාරියෙන් ඉඩමක් ඉල්ලා තිබේ.

එම ඉල්ලීම ඉටු කරමින් පසුගිය වසරේ දී වතු පාලනාධිකාරිය විසින් ඔවුන්ට ඉඩමක් ලබා දී ඇති අතර පසුගිය සතියේ එම ඉඩමේ තාවකාලික නිවාසයක් ඉදිකරගැනීමට වතු කම්කරුවා කටයුතු කර ඇත.

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ මාතලේ ඇල්කඩුව වතු යායට අලුතින් පත්ව ආ සහකාර වතු කළමණාකරුවෙක් එම තාවකාලික නිවාස අගොස්තු 19 වැනිදා කඩා විනාශ කර ඇති බවයි.

නිවස කඩා දැමීමට විරෝධය පළ කරමින් ඇල්කඩුව වතු යායට අයත් රත්වත්ත පහළ කොට්ඨාසයේ ලැයිම් කාමරවල ජීවත් වු ජනයා විරෝධයක්ද දියත් කළ බවයි පළාත් බද වාර්තාකරුවන් වැඩි දුරටත් පවසන්නේ.

Matale 4Matale 3Matale 02
ලංකා කම්කරු කොංග්‍රසයේ ලේකම්, ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් එම වතුයාය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අගෝස්තු 20 වැනිදා සදහන් කර තිබුනේ මෙම නිවාසය විනාශ කළ සහකාර වතු කළමණාකරු ඇතුළු සමාගමේ ඉහළ නිලධාරින් විසින් අදාළ කම්කරුවාගෙන් පෞද්ගලිකව සමාව ඉල්ලා ඇති බවයි ‍.

තම අමාත්‍යංශයේ මැදිහත් වීමෙන් රත්වත්ත වතුයායේ අලුතින් නිවාස ඉදිකර දීමට තීරණය කර ඇති බව ජීවන් තොණ්ඩමාන් රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කරයි.

කම්කරුවකුගේ දේපල විනාශ කිරීම සම්බන්ධයෙන් කිසියම් නීතිමය පියවරක් ගන්නා බවක් ඔවුන්ගේ ජනතා නියෝජිතයා ලෙස සැලකෙන අමාත්‍යවරයා පවසා නැත.

ශ්‍රී ලංකාවේ අර්ථවත් පුරවැසියන් වීම සදහා රජයට ඉල්ලීම් 11 ක් ඉදිරිපත් කරමින් ජුලි 28 වැනිදා තලෙයිමන්නාරමේදී සමාරම්භක උත්සවය පැවැත්වු  මලෛයහ දෙමළ ජනයා ජුලි 29 වැනිදා උදෑසන තලෙයිමන්නාරමෙන් ආරම්භ කළ පා ගමන කිලෝ මීටර 300 ට ආසන්න දුරක් ගෙවා දමමින් මාතලේට පැමිණිමෙන් අගෝස්තු 12 වැනි දින අවසන් උත්සවය පවත්වා තිබුනේද මාතලේ දීය.

ශ්‍රී ලංකාවේ විශාලතම සමූහ සුසාන හමුවූ දිස්ත්‍රික්ක දෙක වන්නේද මන්නාරම හා මාතලේයි.

සිය ඉතිහාසය අරගලය සහ දායකත්වය පිළි ගැනීම, අනෙකුත් ප්‍රධාන ප්‍රජාවන් හා සමානව වෙනමම අනන්‍යතාව සහිත නිදහස් ශ්‍රී ලංකාවේ ජන කොටසක් ලෙස පිළි ගැනීම, ජාතික මට්ටමේ සාමාන්‍යය හා සමාන මට්ටමක් ළඟාකර ගැනීමට අධ්‍යාපනය සෞඛ්‍යය සහ සමාජ ආරක්ෂණයන් සම්බන්ධ සාධනීය ක්‍රියාමාර්ග, ජීවත්වීමට සරිලන වැටුපක් ගෞරවනීය රැකියා නෛතික ආරක්ෂාව සහ පිරිමි හා කාන්තා කම්කරුවන්ට සමාන වැටුප්, නිවාස සහ ජීවනෝපාය සඳහා සුරක්ෂිත හිමිකමක් සහිත ඉඩම්, දෙමළ භාෂාව සමාන ලෙස භාවිතය සහ ඒ සඳහා සමාන තත්වයක්, රාජ්‍ය සේවා වෙත සමාන ප්‍රවේශය, වැවිලි අංශයේ ජනාවාස නව ගම්මාන ලෙස සීමා නීර්ණය කිරීම, ගෘහස්ථ සේවකයන් ආරක්ෂා කිරීම, මලෛයහ සංස්කෘතිය සංරක්ෂණය හා ප්‍රවර්ධනය කිරීම, රාජ්‍ය පාලනයේ සෑම මට්ටමකදීම අර්ථවත් පාලන කාර්යභාරයක් හිමිවන පරිදි සමානාත්මතාව සහිත  සහ අන්තර්කරණය වූ මැතිවරණ ක්‍රමයක් සහ බලය බෙදීමක්, ශ්‍රී ලංකාවේ අර්ථවත් පුරවැසියන් වීම සදහා මලෛයහ දෙමළ ජනතාව ඉල්ලා සිටින මුලික ඉල්ලීම් වේ.



 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්