පාර්ලිමේන්තුව සතු කාර්යභාරය මැනවින් හඳුනාගෙන ජනතා යහපත මුල්කරගත් වැදගත් තීන්දුවක් ගෙන ඇති මුදල් කාරක සභාවේ වැඩබලන සභාපති ඇතුළු එම කාරක සභාව නියෝජනය කරන සියළුම

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' ආචාරය පුදකර සිටියි.

'සාධාරන සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ' සභාපති, හිටපු කතානායක කරු ජයසුරිය නිවේදනයක් නිකුත්කරමින් එම අඟයිම සිදුකර ඇත්තේ, ජනතාවගේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය භාණ්ඩ ඇතුළු රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පැවැත්මට හේතුවන භාණ්ඩ ගණනාවකට අදාළව ලබා දී ඇති තීන්දුවක් සැලකිල්ලට ගනිමිනි. 

පාර්ලිමේන්තුවේ සියළුම කාරක සභා සතුව පවතින වගකීම් හා කාර්යභාරය සිහිපත් කරමින් ඒවායේ සභාපතිවරුන් ඇතුළු සමාජික සියළු මන්ත්‍රීවරුන් දිරිමත් කිරීම පොදු සමාජයේ යුතුකමක් බවද හිටපු කතානායකවරයා පවසයි.

 

සිමෙන්ති කොට්ටයේ සිට ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය ද්‍රව්‍ය හා භාන්ඩ ආනයනය කරන හා බෙදාහරින සමාගම් ලබාගනිමින් සිටින අයථා ලාබ යම් සීමාවකට හෝ ගෙන ඒමට පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව තීන්දුවක් ගෙන තිබේ. එමෙන්ම පාන් පිටි කිලෝවක මිල රුපියල් 198 ක මට්ටමක පවත්වා ගත හැකි බව පෙන්වා දෙමින් ඊට අදාළවද තීන්දුවක් ලබා දී තිබේ.

 

ජනතාව වෙනුවෙන් වූ යහපත් පෙනීසිටීමක් 

පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ මෙම මැදිහත්වීම තම සංවිධානය සලකන්නේ පටු දේශපාලන අවශ්‍යතා මුල්කරගෙන පාර්ලිමේන්තුව තුළ නිතර ප්‍රදර්ශනය වන රණ්ඩු සරුවල් හා නිශ්ප්‍රයෝජන වාද විවාදවලින් මිදී ජනතාව වෙනුවෙන් වූ යහපත් පෙනීසිටීමක් ලෙස බව කරු ජයසුරිය පවසයි.

'' රටක් ලෙස ශ්‍රී ලංකාව දැවැන්ත ආර්ථික අර්බුදයකට ගොදුරුව පවතින මෙවන් මොහොතක;  ඇතැම් ආනයනකරුවන් එම තත්වය කිසිසේත්ම නොසලකා හරිමින් අසීමිත ආකාරයට ලාබ ලබාගැනීමේ අරමුණින් සිදුකරමින් සිටින සාධාරණ නොවන පිළිවෙත විමර්ශනය කරමින් ඊට මැදිහත් වීම වගකීමක් සහිත සෑම ආයතනයකම යුතුකමකි. එහිදී රටේ මූල්‍ය පාලනය ද ඇතුළු ප්‍රතිපත්ති සම්පාදනයේ ලා ප්‍රමුඛතම වගකීම පැවැරී ඇති පාර්ලිමේන්තුවට අත්හැරිය නොහැකි වගකීමක් පැවරී තිබේ. එහිදී පාර්ලිමේන්තු කාරක සභා වෙත ද වැදගත්  කාර්ය භාරයක් ඇත. සංවිධානයක් ලෙස අප ඒ බව වාර ගණනාවකදීම පෙන්වා දී ඇත්තෙමු.'' කරු ජයසුරිය සිය නිවේදනයෙන් කියා සිටියි. 

ඉහළ පොලී අනුපාතයන් !!!!

ඒ අනුව සැලකීමේදී පාර්ලිමේතු මුදල් කාරක සභාව ගෙන ඇති මෙම පියවර අගය කළ යුතු බවත්, එමෙන්ම මේ රටේ මධ්‍ය පරිමාන ව්‍යාපාරික ප්‍රජාවට තදින්ම බලපෑමක් එල්ල කරමින් සිටින ඉහළ පොලී අනුපාතයන් කෙරෙහිද එම කාරක සභාවේ අවධානය යොමුකරලීම ඉතා වැදගත් වන බවත් ඔහු පෙන්වා දී ඇත.

අද වන විට මේ රටේ වාණිජ බැංකු විසින් පවත්වාගෙන යන ඉහළ පොලී අනුපාතයන් රටේ ප්‍රගමනයට අහිතකර බලපෑමක් එල්ල කරමින් සිටින බව පවසන හිටපු කතානායකවරයා, ශ්‍රී ලංකා මහ බැංකුව මේ පිළිබඳව නිකුත් කර ඇති නියෝගයන් ද සැලකිල්ලට ගනිමින් ඒ පිළිබඳවද යම් මැදිහත් වීමක් සිදුකරන ලෙස පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවෙන් ඉල්ලා සිටියි. 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්