කලා අංශයෙන් උපාධි ලබාගන්නා පිරිසෙන් සියයට 70කට මෙරට

තුළ රැකියා නොමැති බවත්, සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියම විවේචනයට භාජනය වීමට එකම හේතුව එය බවත්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති සම්පත් අමරතුංග පවසයි.

ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ යෝජනා පිළියෙල කරන ආංශික අධීක්ෂණ කාරක සභාවේදී ඔහු ඒ බව සඳහන් කළේය

වැඩිදුරටත් අදහස් දක්වමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසා සිටියේ, රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් උපාධිය ලබාගෙන විදෙස්ගත වන පුද්ගලයින්ගෙන් උපාධිය සඳහා රජය වැය කළ මුදල කොටස් වශයෙන් හෝ යළි අය කරගැනීමේ වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවය.

විදේශීය විශ්වවිද්‍යාලවලට ගොස් ගිවිසුම් කඩ කර රාජකාරියට වාර්තා කිරීම පැහැර හැරි බව කියන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් 122 දෙනකු සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) විමර්ශනයක් අරඹා ඇත.


සබැඳි පුවත් :

රට ගිය සරසවි ඇදුරෝ 122ක් පොලු තියල ! - විමර්ශනයක් අරඹයි

 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්