පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් රටපුරා සියලු රෝහල්වල අද (24) පෙරවරු 8.00 සිට සංකේත වැඩ වර්ජනය ආරම්භ කරන බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ්

පැවසිය.

ඉල්ලිම් 7ක් මුල් කරගෙන මෙම වර්ජනය ක්‍රියාමාර්ගයට අවතීරණය වීමට වෘත්තීය කාණ්ඩ 5කින් සහ නිලධාරීන් 7000 ට ආසන්න සංඛ්‍යාවක් හෙබි පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය තීරණය කර ඇත. මෙම වර්ජන ක්‍රියාමාර්ගයට විකිරණ තාක්ෂණවේදීන් වෘත්තිකයන්, රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන්, ඖෂධවේදී වෘත්තිකයන්, භෞත චිකිත්සක වෘත්තිකයන්, වෘත්තිය චිකිත්සක වෘත්තිකයන් යන වෘත්තීය සංගම් 5  අගෝස්තු 24 වනදා උදේ 8 සිට 25 වනදා උදේ 8 ට දක්වා පැය 24 ක වර්ජනයකට සහභාගී වේ. 

පිළිකා ආයතනය, මාතෘ සහ ළමා රෝහල්, මධ්‍යම ලේ බැංකුව යන ආයතන වර්ජනය ක්‍රියා මාර්ගයකට සම්බන්ධ නොවන අතර එම ආයතනවල නිලධාරීන් ස්වේච්ඡාවෙන් එම ආයතනවල සේවාවේ නිරත වනු ඇති බව ද කුමුදේෂ් සඳහන් කළේය.

මීට අමතරව වර්ජනය ක්‍රියාත්මක වන රෝහල්වල ජීවිත ආරක්ෂක සේවා සේවා ආවරණයට ස්වේච්ඡා නිලධාරීන් යොදවා ඇති බවත්, යම් හෙයකින් එම ආයතනවල ස්වේච්ඡා සේවයේ නිරත වන නිලධාරීන්ට බාධා කිරීම පැමිණ වුවහොත් එම අවස්ථාවේදීම එම ස්වේච්ඡා සේවා වලින් එම නිලධාරීන් ඉවත් කර ගනු ලබන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය. 

 

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිවලට එරෙහිව කමිටු දමන, අමාත්‍යාංශය ලේකම්වරයාගේ එකඟතා කඩමින් වෘත්තීය සමිති දඩයම් කරන්නට යන සෞඛ්‍ය අමාත්‍යාංශයේ කුමන්ත්‍රණ කල්ලියට එරෙහිව මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසයි.

 

බඳවා ගැනීමේ පටිපාටිය සංශෝධනය දිගින් දිගටම ප්‍රමාද කිරීම, ශ්‍රේණි උසස්වීම් ගැටලුවක් ගැටළුවට අදාල චක්‍රලේඛය නිකුත්කිරීම ප්‍රමාද කිරීම, නව බදවාගැනීම් නවතා දැමීම හේතුවෙන් සේවා බිදවැටීමකට ලක් වීමට ඉඩහැරීම, අසාධාරණ ලෙස විනය නියෝග භාවිතා කරමින් වෘත්තීය සමිති නායකයන් සහ සාමාජිකයන් මර්දනයට උත්සාහ කිරීමයි ආදී කරුණු සඳහා විරෝධය පා මෙම වර්ජනය ක්‍රියාත්මක කරනු ඇත. 


 


 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්