වරින්වර නිරීක්ෂණ චාරිකා ගොස් බැලීම හැර වෙනත් දෙයක් කරන්නට හැකි ආයතන තම විෂය පථයට ගැසට් කර නැති බව වරාය නාවික කටයුතු හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර පවසයි.

ඉකුත් දා මාධ්‍ය සාකච්ඡාවක දී ඔහු කළ ප්‍රකාශයක් පිළිබඳ 'අනිද්දා' පුවත්පත කළ විමසීමකදී ඔහු එබව සඳහන් කර ඇත.

දැනට තම විෂය පථයට ගැසට් කර ඇත්තේ ඔරුවිල් වරාය, කන්කසන්තුරේ වරාය, පලාලි ගුවන්තොටුපොළ හා රත්මලාන ගුවන් තොටුපළ පමණක් බව ද ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මේවගෙන් ඔරුවිල් වරාය දැනට අක්‍රීය අතර, පලාලි ගුවන් තොටුපොළට මේ වන විට පැමිණෙන්නේ ද එක් ඉන්දියන් ගුවන් යානයක් පමණක් බව ඔහු පවසයි.

විෂය භාර ඇමති නිමල් සිරිපාල ද සිල්වාගේ කැමැත්ත පරිදි මෙම ආයතන බෙදීම සිදුව ඇති බවට රාජ්‍ය ඇමතිවරයා චෝදනා කරයි.

තමා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සිටියත් එම විෂය පථයට අයත් එකදු ආයතනයකින් හෝ මේ වන තෙක් කිසිඳු  ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අවස්ථාව නොලැබීම කනස්සල්ලට කරුණක් බව ඔහු පෙන්වා දෙයි.

පොහොර නිෂ්පාදනාගාරයක් ආරම්භ කිරීමට ත්‍රිකුණාමලයේ කැලෑ ඉඩම් කැබැල්ලක් වෙන්කර දීම සඳහා තමා දැඩි උත්සාහයක් ගත්තද එම ව්‍යාපෘතිය කැබිනට් අමාත්‍ය වරයාගේ නොසැලකිල්ලෙන් ව්‍යාර්ථ වූ බව ඔහු උදාහරණයක් ලෙස දක්වයි.

විෂය පථයට අයත් ආයතන වලින් ලැබෙන්නේ සාකච්ඡාවකට හෝ විවෘත කිරීමේ ආරාධනයක් වැනි දෙයක් පමණක් බව පවසන ඔහු, ඒ සඳහා තමාට ආරාධනා කරන්නේ ද නිමල් ඇමතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයා මිස  අමාත්‍යාංශ නිලධාරීන් නොවන බව ප්‍රකාශ කරයි.

කිසිදු වගකීමක් නොමැතිව මාස 11ක් තිස්සේ රුපියල් ලක්ෂ 80 ක් පමණ වැය කර ලෝක වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ පවත්වාගෙන යන තම කාර්යාලයෙන් සිදුවන්නේ ජනතා මුදල් අපතේ යෑමක් බව ඔහු පවසයි.


 රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ වරාය නාවික කටයුතු හා ගුවන් සේවා අමාත්‍යාංශය කෑම වේලට දෙන මාළු කෑල්ලෙන් පවා කොමිස් ගහන දූෂිත නිලධාරීන් සිටින හොර ගුහාවක් බවට තමාට තොරතුරු ලැබී ඇති බවයි. මේ වන විට වෘත්තීය සමිතිවලින් ඇතැම් සේවකයන්ගෙන් මෙන්ම ජනතාවගෙන්ද මෙහි සිදුවන වංචා දූෂණ පිලිබද තොරතුරු තමා වෙත ලැබෙමින් තිබෙන බව ද රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් පවසයි.


(ජනක බලල්ල - අනිද්දා පුවත්පත anidda.lk)

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්