විවේකයක් ගැනීම සඳහා ඇමරිකාවට ගොස් සිටින 'පොහොට්ටු' පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මේ මස අගදී යළි දිවයිනට පැමිණීමට නියමිත බැවින්, ඔහුගේ රාජකාරි වෙනුවෙන් ජනාධිපති කාර්යාලය තුල කාර්යාල කාමරයක් වෙන්කර ගැනීමට ගිය ඔහුගේ සේවකයින් පිරිසකට ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් ගෙන් කුඩම්මාගේ සැලකිලි ලැබී ඇතැයි වාර්තාවේ.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටි සමයේ බැසිල් රාජපක්ෂ වෙනුවෙන් වෙන්කර තිබු කාර්යාල කාමරය, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමයේදී නිදන කාමරයක් ලෙස යොදා ගෙන තිබු අතර මේ වනවිට එය ජනාධිපති ආරක්ෂක අංශයේ කාර්යාලයක් ලෙස යොදා ගෙන ඇතැයි පැවසේ.

ඒ අනුව, බැසිල් රාජපක්ෂ විසින් මිට ඉහතදී සිය රාජකාරි කටයුතු සඳහා යොදාගත් කාර්යාලය වෙනුවට කුඩා කාමරයක් ලබාදීමට ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් එකඟතාවය පළකර ඇති නමුත්, ඒ පිළිබඳව බැසිල් රාජපක්ෂ වෙත දැනුම්දීමේදී ඔහු පවසා ඇත්තේ, ජනාධිපති කාර්යාලය වෙත ගෙන ආ තමන්ගේ බදු බාහිරාදිය හා ලිපි ලේඛන යළි 'පොහොට්ටු' මුලස්ථානයට ගෙන යන ලෙසයි.

'පොහොට්ටු' පක්ෂය ගොඩනගමින් යළි ආණ්ඩු බලය අත්පත් කරගැනීමට වසර ගණනාවක් දායකවූ තමන්ගේ හිතවතුන් නොසලකා හරිමින්, වියත්මඟ කණ්ඩායමේ සාමාජිකයින්ට ආණ්ඩුවේ විශේෂ තනතුරු හා වරප්‍රසාද ලබාදීම ද බැසිල් රාජපක්ෂගේ කනස්සල්ලට හේතුවී ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්