'' අපි ලෝකයේ ඉදිරියට යන්න ඕනෙ ඒ සදහා අපි ව්‍යාපාරිකයින් රැක ගත යුතුයි. විශේෂයෙන්ම මහා පරිමාණ ව්‍යාපාරිකයින් වගේම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ද ආරක්ෂා කලයුතුයි.''

යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බොරැල්ල ආසන බලමණ්ඩලය අමතමිනි.

ඒ සඳහා නව ආයෝජන බැංකුවක් හා සංවර්ධන බැංකුවක් ඉදිරියේදී ස්ථාපිත කිරීම සිදුකල යුතු බව ද ඔහු කියා සිටියේය. 

'' රජයටත් කොටස් තබාගෙන පෞද්ගලික අංශයත් එක්ක එකතු වෙලා ආයෝජන බැංකුවක් හා සංවර්ධන බැංකුවක් ස්ථාපනය කිරීමට මා යෝජනා කරනවා. සංවර්ධන බැංකුව තුලින් රටේ සංවර්ධනය කිරීම කේන්ද්‍ර කරගත් ආයෝජන වලට මධ්‍ය හා දිගු කාලීන ණය ලබාදීමටත් ආයෝජන බැංකුව මගින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට නව තක්ෂණය හදුන්වාදීමට වගේම ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයකු වෙනත් රටක ආයෝජනය කරන්නේ නම් ඔහුට අවශ්‍ය දැක්ම හා පලපුරුද්ද ලබාදීමටත් හැකි ආයෝජන බැංකුවක් අපි ස්ථාපනය කිරීමට බලාපොරොත්තු වෙනවා.''

2015 දී  අපි මෙසේ ආයෝජන බැංකුවක් හා සංවර්ධන බැංකුවක් ආරම්භ කිරීමට පිඹුරුපත් සකසා තිබණත් ආණ්ඩුව මාරුවීම නිසා එම යෝජනාව යථාර්ථයක් බවට පත් කර ගැනීමට නොහැකි වූ බවත් නාමල් රාජපක්ෂ පැවසීය

 

දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළක් මෙරට දේශපාලන රාමුව තුළ ක්‍රියාත්මක විය යුතු බව ද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියි. 

 

ඔහු එබව කියා සිටියේ, අගෝස්තු 26 දා පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පුත්තලම ආසන සම්මේලනය අමතමිනි. 

දේශපාලනය තුළ පක්ෂ දේශපාලනය තිබිය යුතු බව  ද මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කර සිටියේය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්