පළාත් පාලන ඡන්ද විමසීම හැකි ඉක්මනින් පවත්වන ලෙස තමා මැතිවරණ කොමිෂන් සභාවේ

සභාපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් පැවසිය.

ඔහු එබව කියා සිටියේ, ''පොහොට්ටුව ඡන්දයක් ඉල්ලීම බොරුවක්'' යන ශීර්ෂයෙන් යුතුව  'ද ලීඩර්' හි  අගෝස්තු 27 දා පළකර තිබු පුවත සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනි.  

දැනට දින නියමයක් නොමැතිව කල් ගොස් ඇති පළාත් පාලන මැතිවරණය ඉක්මනින් පවත්වන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ කොමිසමට ලිපියක් මගින් දැනුම් දී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බවට 'අනිද්දා' පුවත්පත උපුටා දක්වමින් 'ද ලීඩර්' වාර්තාව පළකර තිබිණ.

එම පුවත අසත්‍ය බව සඳහන් කළ පොහොට්ටු මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම්, තමා අදාල ලිපිය මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත යොමුකරනු ලැබුවේ අගෝස්තු 22 දා බව කියා සිටියේය.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල් යාම මත අපේක්ෂකයින් හට සිදුව ඇති අපහසුතා හා අවහිරතා ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් එම ලිපිය මගින් කරුණු ඉදිරිපත්කළ බවද ඔහු වැඩිදුරටත් පැවසිය.

තමා විසින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට යොමුකළ ලිපියේ පිටපතක් ද සාගර කාරියවසම් මහ ලේකම්වරයා විසින් අපවෙත යොමුකරනු ලැබූ අතර එය පහත පළවේ.

Slpp Letter



ප්‍රමාණවත් ලෙස කරුණු සොයා නොබලා අප විසින් පළකරනු ලැබූ පුවතින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සිදුවූ අපහසුව පිළිබඳව අපගේ බලවත් කනගාටුව ප්‍රකාශකරමු. ඒ පිළිබඳව බලවත් සේ සමාව අයදිමු. - (ප්‍රධාන සංස්කාරිකා) 


 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්