මත්ද්‍රව්‍ය ජාවාරම නිසා අපේ රට දරු පරපුර හා පාසල් පද්ධතිය ඉතාමත්ම අන්තරාදායක තත්ත්වයට

පත්ව ඇති බවත් 'ඊසි කෑෂ්' වැනි ක්‍රමවේද හරහා මත් රකුසා පාසල් පද්ධතියත් පාසල් දරුවනුත් ගිලගෙන ඇති බවට නාගරික හා ගම්බද පාසල්වලට යන විට දෙමාපියන් පවසන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එබැවින් පාසල් පද්ධතිය හා පාසල් දරුවන්ගෙන් මත්ද්‍රව්‍ය ඉවත් කර ගැනීමට ඉක්මන් සීඝ්‍රගාමී වැඩපිළිවෙළක අවශ්‍යතාවක් ඇති බවත්, ළමයින් කේන්ද්‍රීයව ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාවාමට එරෙහිව දැඩි නීති පද්ධතියක හා වැඩපිළිවෙළක අවශ්‍යතාවක් පවතින බවත් පාසල් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා වෙන් වූ බලකායක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවක් පවතින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අගෝස්තු 25 දා ළමුන් සඳහා වූ පාර්ලිමේන්තු සංසඳය රැස් වූ අවස්ථාවේ දීය.

ඒ වගේම අප රටේ ඇති ළමා අයිතිවාසිකම් කොතෙක් දුරට නෛතික ප්‍රතිපාදන ලෙස පරිවර්තනය වී ඇත්ද යන්න දැනගත යුතු බවත් එම ළමා අයිතිවාසිකම්වලට අමතරව මව්වරුන්ගේ අයිතිවාසිකම් යනුවෙන් වෙනමම ඒකකයක් මූලික අයිතිවාසිකම්වලට එක්විය යුතු බවට යෝජනා කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මව්වරුන් හා දරුවන් අප සමාජයේ අවධානමට ලක්වූ කොට්ඨාසයක් බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හරහා මූලික අයිතිවාසිකම්වලට ඇතුළත් විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙහි දී පැවසීය. 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්