ඖෂධ ආසාත්මික තාවයෙන් රොගීන් මියයෑම සාමාන්‍යකරනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය උත්සහ කරන බව

මෙරට ප්‍රකට සෞඛ්‍ය වෘත්තීය සමිති ක්‍රියාකාරිකයකු පවසයි.

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය මාධ්‍ය සාකච්ඡාවේදී එබව කියා සිටියේ, එහි සභාපති රවී කුමුදේශ් ය.

'' අපි අහන්නෙ ක්‍රමවේදයේ ප්‍රශ්නයක් තියනවද කියලා ?

අපේ පස්සෙ පන්නන්න එපා හොයල බලන්න..

අසාද්මිකතාවය හේතුවෙන් 50 හවිරිදේ පුද්ගලයෙක් ජාතික රොහලේදී පෙරේදා මියගියා.

මේ සමගම කියනව ඔවුන්ටත් අවශ්‍යයි කියලා මේ ඖෂධ නිසාද ? අසාද්මිකතා ඇතිවෙන්නෙ කියලා .. ඇයි අමාත්‍යංශය මේ සම්බන්දව ක්‍රියා කරන්නෙ නැත්තේ.

ඖෂධයේ වැරැද්දක් ද ? ක්‍රමවේදයේ වැරැද්දක්ද කියල දැන ගතයුතුයි.

අසාද්මිකතා ඇතිකල මෙම ඖෂධය WHO රසායනාගාරයට යැවුවේ නැත්තේ ඇයි කියල අපි අහනවා.. '' රවී කුමුදේශ් කියා සිටියේය. 


ගැටළුවක් වූ එන්නත් කාණ්ඩය ගැන කෙහෙලිය කතා කරයි

දේශීය සමාගමක් නිෂ්පාදනය කල 'කෝ- ඇමෙක්සික්ලොව්' එන්නත් 21,000 ක් ජාතික රෝහලට ලබාදී ඇති අතර එයින් 18,000ක් භාවිත කර ඇත. නමුත් මෙම භාවිතා කරන ලද එන්නත් 18,000න් කිසිදු ගැටළුවක් මතුවී නැතිබව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසයි.

ගැටළුවක් වී ඇත්තේ එක් එන්නතක් බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියි.

ඇමතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ, ජාතික රෝහලේදී එන්නතක් ලබාදීම නිසා තවත් රෝගියකු මිය යෑම පිලිබදව ජාතික පුවත්පතක් විසින් කල විමසීමකදීය.

මෙම එන්නත් කාණ්ඩය පරීක්ෂණ කටයුතු අවසන් වනතෙක් භාවිතයෙන් ඉවත් කර ඇති බව අමාත්‍යවරයා පවසා තිබේ.

නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජී විජේසූරිය ගෙන් කල විමසුමකදී ඔහු පැවසුවේ, මෙම මරණය සිදුවූයේ ආසාත්මිකතාවය නිසා බව සැක කෙරෙන බවයි.

ඖෂධ ගැටළු සොයා බැලීමට පත් කෙරුණු විශේෂඥ කමිටුව මෙම මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට නියමිතය.

සබැඳි පුවත් :

එන්නතක් විෂවීමෙන් තවත් මරණයක් ?

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්