හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර

තායිලන්තයේදී තාවකාලික පැවිදිභාවයට පත්ව තිබේ.  

තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති වන්නේ සුගීශ්වර මන්දර ගේ වැඩිමල් සොයුරා වන නීතිඥ ජනක බණ්ඩාරයි.

සියම් දේශයෙන් ශ්‍රී ලංකාවට පැවිදි උපසම්පදාව හිමිවී වසර 270ක් සැපිරීම නිමිතිකොටගෙන පින්කම් මාලාවක් සහ තාවකාලික සසුන්ගත කිරීමේ විශේෂ පුණ්‍ය මහොත්සවයක් තායිලන්තයේ Hua Hin දිස්ත්‍රික්කයේ Wat Huay Mongkol විහාරස්තානයේදී අති උත්කර්ෂවත් ලෙස පවත්වා තිබිණ.

ඊට සමගාමීව අමරපුර මහ නිකායේ වැඩබලන උත්තරීතර මහනායක කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මෙරට සිට සියම් දේශය වෙත ශ්‍රී සර්වඥතා ධාතූන් වහන්සේලා වැඩම්මවීමේ මහාර්ඝ පින්කමක් සිදුකෙරිනි.

සුගීශ්වර බණ්ඩාර ද එම අවස්ථාවට සහභාගී වී ඇත.

සිරි ධම්මානන්ද සමාජ සංවර්ධන පදනමේ නිර්මාතෘ ආචාර්ය පූජ්‍යය අවිසාවේල්ලේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේගේ උපාද්‍යාත්වයෙන් සහ පාලිත හේවාමුදලි ගේද සංවිධානයෙන් "සියම් සම්මා සති චාරිකා 2023" පැවිදි පින්කම සිදුකෙරේ.  

{gallery}sugeeshwara{/gallery} 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්