මෙරට සිටින ඇතැම් පක්ෂ මෙන් සමගි ජන බලවේගය ආයෝජනය සිදු කළේ දූපත්වල, ව්‍යාපාරවල හෝ

වෙනත් ලාභදායී ව්‍යාපාරවල නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසිය.

සමගි ජන බලවේගය ආයෝජනය කළේ 'හුස්ම', 'සක්වල' වැනි වැඩසටහන් හරහා අපේ රටේ දරු පරපුර වෙනුවෙන් හා හොඳ සෞඛ්‍ය පද්ධතියක් ලබා දීම වෙනුවෙන් බවත්, මෙම හුස්ම සක්වල වැඩසටහන් දියත් කරන්නේ ආණ්ඩුවට සහාය වීමට නොව රටේ දරු පරපුර සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය දියුණු කරමින් ජනතාවට සහාය වීම බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ අද (29) සක්වල වැඩසටහන් යටතේ මිනුවන්ගොඩ රෙජී රණතුංග ප්‍රාථමික විද්‍යාලයට රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථයක් ලබා දීමේ අවස්ථාවට එක් වෙමිනි.

මේ බස් රථයත් සමඟ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් බස් රථ 76ක් බෙදා දී තිබේ.



විපක්ෂයක් ලෙස මේ සියලු කටයුතු සිදු කරන්නේ තනතුර තාන්න මාන්න අපේක්ෂාවෙන් නොවන බවත් ආණ්ඩුව හා ආණ්ඩුවට හිතවත් මාධ්‍ය හරහා සමගි ජන බලවේගය ආණ්ඩුවට එක්වන බවට වන ව්‍යාජ ප්‍රවෘත්ති මැවුවත් ජනතාවට ද්‍රෝහී වී බලය ලබා ගැනීමට කිසි දින සුදානම් නොමැති බවත් විපක්ෂ නායකවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.


තමා පාර්ලිමේන්තුවේ දී කතා කරන්නේ පිපාසයෙන් පෙළෙන, බඩගින්නෙන් පෙළෙන, වගාවට ජලය නොමැති ජනතාව ගැන, පාසල් සිසුන් ගැන, මත්ද්‍රව්‍ය ප්‍රශ්න ගැන බවත් මේවා ගැන කතා කරන විට බොහෝ අයට රිදෙන බවත් මේ ප්‍රශ්න කතා කරන්නේ රජයේ අවධානය යොමු කර විසදුම් ලබා ගැනීමට බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

මේවා පෙන්වා දීම පාර්ලිමේන්තුවේ කාලය කා දැමීමක් නොවන බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ පසුගිය කාලයේ සිටි විපක්ෂ මෙන් ආණ්ඩුවෙන් කොමිස් කුට්ටියක් අරගෙන ආණ්ඩුවට පහර නොගා ඩීල් දේශපාලනයේ නියැලුනේ නැති නිසා මෙවැනි චෝදනා එල්ල කරන බවත් ය.



රටේ විවිධ පක්ෂවලට හිතැති අයිති මාධ්‍ය හරහා 2019 මෙන් රටේ ජනතාව අන්දවන වැඩසටහන් ක්‍රියාත්මක වන බවත් සත්‍ය ජනතාවට දැන ගැනීමට සිදු නොකරන බවත් විපක්ෂනයකවරයා පැවසීය.



අවසාන වශයෙන් විපක්ෂ නායකවරයා කියා සිටියේ වර්තමාන දේශපාලනයේ සම්ප්‍රදානුකූල සංස්කෘතිය අනුව තහනම් වචනය ප්‍රසන්න රණතුංග වුවත් විපක්ෂ නායකවරයා ලෙස තමා යල්පැනගිය පරණ රාමුවකට සීමාවූ මජර දේශපාලන සංස්කෘතිය අනුගමනය පුද්ගලයක් නොවන බැවින් තමා හා කෙතෙක් තර්ක විතර්ක සිදු කලත් රෙජී රණතුංග ප්‍රාථමික විද්‍යාලය ගොඩ නැගීමට එවක මහඇමතිවරයා ලෙස ප්‍රසන්න රණතුංග මහතා සිදු කළ ඒ කාර්ය ඇගයීමකට ලක් කරන බවත් පැවසීය.

මේ වන විට හුස්ම වැඩසටහන යටතේ රෝහල් 56කට රුපියල් 171,966,900.00 මුදලක සෞඛ්‍ය උපකරණ ද සක්වල බස්රථ වැඩසටහන යටතේ පාසල් 76කට රුපියල් ලක්ෂ 50 බැගින් බස් රථ ලබා දීමට රුපියල් 369,200,000.00 මුදලක් සහ සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 33කට සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීම රුපියල් 29,033,650.00 මුදලක් වැය කර ඇතැයි ද විපක්ෂනායකවරයා කියා සිටියේය.

{gallery}sajith P{/gallery}

 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්