මෙම අභියෝගාත්මක කාලපරිච්ඡේදයේ රට සහ ජනතාව වෙනුවෙන් ඉතා විශාල වගකීම් සමුදායකට

උරදුන් ජනාධිපතිවරයාට තවදුරටත් රට ගොඩනැගීම සඳහා අවශ්‍ය සහය ලබාදෙන ලෙස තමා රටේ සිටින සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටින බව අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි නාහිමියෝ ප්‍රකාශ කළ හ.

අභාග්‍යසම්පන්න ඉරණමකට මුහුණ දුන් ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමට ජනාධිපතිවරයා දරණ උත්සාහය පිළිබඳ ඇතැමුන්ට වැටහීමක් නොතිබීම කණගාටුවට කරුණක් බවත්, ජනාධිපතිවරයා රට වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළට මහාසංඝරත්නයේ ආශිර්වාදය නිතැතින්ම  හිමිවන බවත් උන්වහන්සේ පැවසූහ.

ඓතිහාසික මහනුවරට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ, මල්වතු,  අස්ගිරි මහා නා හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව ජනාධිපතිවරයා අස්ගිරි අනුනාහිමියන් බැහැදුටුවේය. මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ හිටපු සභාපති මලික් සමරවික්‍රම ද එක්ව සිටියේය.

එහිදී අස්ගිරි අනුනා හිමියෝ මෙසේද කීහ.

මෙම රට වැටී තිබූ තැන පිළිබඳව ඇතැමුන්ට අවබෝධයක් නැහැ. ඒ වගේම වැටුණු රට යළි ගොඩනැඟීමට ඔබතුමා දරණ උත්සාහය පිළිබඳ ඔවුන්ට නිසි වැටහීමක් නැහැ. ඒ නිසා යම් යම් දේවල් ප්‍රකාශ කරනවා.

මේ රට වැටී තිබු අභාග්‍යසම්පන්න තත්ත්වයෙන් තරමක් දුරට හෝ ගොඩගැනීමට ඔබතුමා දැවැන්ත අභියෝගයකට මුහුණ දෙමින් කටයුතු කළා. එහිදී ඔබතුමාගේ පෞද්ගලික දේපළ පවා අහිමිකර ගැනීමට සිදු වුණා.

ගෙවල් දොරවල් පවා අහිමි වුණා.

වර්තමානයේ රටේ මතුව ඇති ගැටලුවලට ද  විසඳුම් ලබාදීමට ඔබතුමාට ශක්තිය තිබෙනවා.

කුරුන්දි විහාරය අවට ජනතාව මෙතෙක් කාලයක්  එකමුතුව කටයුතු කළා. නමුත් මෑතකදී පිටතින් කණ්ඩායමක් පැමිණ ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය කරමින් සිටිනවා. ඒ පිළිබඳව ද අවධානය යොමු විය යුතුයි.‍''


ජනපතිගෙන් සහතිකයක්

රට පුරා පිහිටා තිබෙන ආගමික සිද්ධස්ථාන සහ ඓතිහාසික ස්ථාන ආරක්ෂා කිරීමට රජය අධිෂ්ඨානශීලීව කැපවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ මහනුවරදී අවධාරණය කළේය.

එමෙන්ම, උතුරු හා නැගෙනහිර පළාත්වල ඇතිවන ආගමික ගැටළුකාරී තත්ත්වයන්ට විසඳුම් සෙවීම අරමුණු කරගනිමින් ඒ ඒ පළාත්වල ආගමික නායකයින්ගේ ප්‍රධානත්වයෙන් කමිටු පිහිටුවන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

 

  

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්