leader s

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව ට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් අද (31) නොතීසියක් නිකුත් කර තිබේ.


ඒ, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ට අපහාස වන ආකාරයෙන් ෆේස්බුක් සහ යූ ටියුබ් නාලිකා ඔස්සේ දුමින්ද නාගමුව විසින් ප්‍රකාශයක් සිදුකළේ යැයි කියන චෝදනාවට අදාළවයි.

ඒ අනුව සැප්තැම්බර් මස 06 වනදා දුමින්ද නාගමුව ට විවෘත අධිකරණයේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරයා නොතිසි නිකුත් කර ඇත.

අමාත්‍ය ටිරාන් අලස්, ජනතා විමුක්ති පෙරමුණ සමග යුරෝපයේ දූපතක මුදල් ආයෝජනය කර ඇති බව අගෝස්තු 12දා පැවති මාධ්‍ය හමුවකදී දුමින්ද නාගමුව පවසා සිටියේය.

 දුමින්ද නාගමුව විසින් සිදුකළ එම ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමර්ශනයක් ඉල්ලා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පසුගිය 15 දා පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබිණ.

කෙසේවුවද ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා දුමින්ද නාගමුවට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට එනලෙස කිහිප විටක් දැනුම්දී තිබුනද ඔහු එය නොසලකා හැරීම නිසා මෙසේ මහේස්ත්‍රාත් අධිකරණයට අද කරුණු ඉදිරිපත්කල බව පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.

 

සබැඳි පුවත් :
පෙරටුගාමීන් කියන 'දූපත' ගැන හොයන්න! - පොලිස් ඇමැති CID යයි!

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්