මත්පැන් බෝතල් මත ව්‍යාජ ආරක්ෂිත ස්ටිකර් අලවා තිබීම සම්බන්ධ ගැටලුවට සුරාබදු දෙපාර්තමේන්තුවේ

සියලුම නිලධාරින් වගකිව යුතු නොවන බව සුරාබදු වෘත්තීය සමිති එකමුතුව ප්‍රකාශ කරයි.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම එකමුතුවේ සම ලේකම් නිරෝෂ් ජයකොඩි පවසන්නේ ආරක්ෂිත ස්ටිකර් සපයනු ලබන ඉන්දියානු සමාගම සුරකින නිලධාරින් පිරිස සහ අදාළ ඉන්දියානු සමාගම ඊට වගකීම භාරගත යුතු බවය.

ව්‍යාජ ආරක්ෂිත ස්ටිකර් ඇලවූ මත්පැන් ‌බෝතල් සම්බන්ධ වැටලීම් අගෝස්තු මස ආරම්භයේ පටන් සිදුකළ නමුත් ඒ පිළිබඳව සිදුකරන පසුවිමර්ශන පිළිබඳව තම වෘත්තීය සමිති සෑහිමකට පත්නොවීම හේතුවෙන් ඒ පිළිබඳව දැඩි ක්‍රියමාර්ග ගන්නා ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකළ බවද ඔහු සඳහන් කරයි.

ව්‍යාජ ආරක්ෂිත ස්ටිකර් සම්බන්ධව විමර්ශන සිදුකරන නිලධාරීන්ට අදාළ ස්ටිකර් සැපයුම්කරු වන ඉන්දීය සමාගමේ දුර්වලතා හේතුවෙන් ගැටලු රැසකට මුහුණදීමට සිදුව ඇති බව වෘත්තීය සමිති සන්ධානය පැවසීය.

එම තත්ත්වය මත ව්‍යාජ ස්ටිකර් අත්අඩංගුවට ගත්තද ඒ සම්බන්ධ විමර්ශන කඩිනමින් කිරීමට අවශ්‍ය පහසුකම් සපයා නොමැති බවද සුරාබදු වෘත්තීය සමිති එකමුතුව අවධාරණය කරයි.



එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ආරක්ෂිත ස්ටිකර් සැපයීම සම්බන්ධ ටෙන්ඩරය ලබාගත් ඉන්දීය සමාගම අක්‍රමිකතා රැසක් සිදුකළ, ලොව රටවල් කිහිපයක අසාදුගත වූ සමාගමක් බවට හෙළිවී ඇති බවය. මෙම සමාගම පිටුපස අභිරහස් හස්තයක් ක්‍රියාත්මක වන බවත් එය ඉදිරියේදී අනාවරණය කිරීමට තම සංගමය කටයුතු කරන බවත් එම වෘත්තීය සමිති එකමුතුවේ සම ලේකම්වරයා පැවසීය.



අරක්කු බෝතල්වලට ජිල්මාට් දාන සමාගම්වල බලපත් තහනම් !

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් සුරාබදු කොමසාරිස් ජනරාල්, සමන් ජයසිංහ පවසන්නේ, ව්‍යාජ ආරක්ෂිත ස්ටිකර් සහිත මත්පැන් බෝතල් වෙළෙදපොලේ පවතින අතර ඒවා නීතියේ රැහැනට හසුකර ගැනීමෙන් පසුව එම මත්පැන් නිෂ්පාදන සමාගම්වල බලපත්‍ර තහනම් කරන බවයි.

ව්‍යාජ ස්ටිකර් සම්බන්ධ වංචාවට වැරැදිකරුවන් වන පුද්ගලයන්ට සහ සමාගම්වලට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපතිවරයා තමන්ට පෞද්ගලිකවම උපදෙස් දී තිබෙන බව ද සුරාබදු කොමසාරිස් ජෙනවරාල්වරයාගේ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

ldfkjsd

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්