අලි ඇතුන් ආරක්ෂා කළයුතු අතර පෙරහැර ද පැවැත්විය යුතු බව ජනාධිපති වික්‍රමසිංහ පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ පෙරහැරට හීලැ අලි ඇතුන් ලබාගැනීම ඇතුළු මතුවී ඇති ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට කටයුතු කළයුතු බවය.

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ සංදේශය භාරගැනීමෙන් පසු මහනුවර ජනාධිපති මන්දිරයේ පැවැති උත්සවයේදී ජනාධිපති වික්‍රමසිංහ මෙම අදහස් පළ කළේය.

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ 2023 ඇසළ පෙරහර මංගල්‍යය සාර්ථකව අවසන් කළ බව දැනුම් දීමේ සාම්ප්‍රදායික නිල උත්සවය මහනුවර ජනාධිපති මන්දිරයේදී ඊයේ (31) පැවැත්විණි.

පෙරහර සාර්ථකව පවත්වා නිම කළ බවට වන සංදේශය ශ්‍රී දළඳා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල විසින් ජනාධිපති වික්‍රමසිංහ වෙත පිළිගැන්වූ අතර ජනාධිපතිවරයාගේ සුරතින් පෙරහරෙහි දස්කම් දැක්වූ කලාකරුවන්ට ප්‍රශංසා සහතික පිරිනැමිණ.

372686951 684049220421368 4583588189300868992 n

kp 1

kp 2

kp 3


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්